❤නොපැතූ හැඟුමක්❤
🎀16 කොටස 🎀
"සර්...."
සයනී තම හඬ බාල කරමින් ඇසූවේ යුගාන්ගේ මත්වූ සිත තවත් මත් කරමිනි......
"සයනී....ඔහොම කතා කරන්න එපා.මට තමුසේව බලන්න එන්න හිතෙනවා...ම්ම්ම්...මේ ඉර මොන මඟුලකට රෑට නැතිවෙනවද මන්දා...ඉර හැමවෙලේම පායලා හැමතිස්සේම දවල් වෙලාම තියනවා නම් තමුසේ එහෙනම් මගේ ඉස්සරහානේ අයිසේ.....ශිට්....සයනී...තමුසේට ඇහෙනවද අහ්..මගේ හිත ...ම්ම්.....ඇහෙනවද..."
"සර් ඔයා බීලා නේද ඉන්නේ..."
"හහ්...හිතන්නේ මං පුරුදු වෙන්න බොනවා කියලාද..ම්ම්ම්....මේ අහපන් සයනී උදේ මං තමුසේට බැන්නේ තමුසේට බැන්නේ ඇයි කියලා දන්නවද අහ්...මං කැමති නෑ තමුසේගේ ඔය ලස්සන අනිත් එවුන් කන්න වගේ බලන් ඉන්නවාට තේරුණාද .."
මතින් මත් වී සිටි යුගාන් පවසන්නට වූයේ තම හඳ රැඳි සිතුවිලිය..යුගාන්ගේ කියවිල්ල සයනී අසා සිටියේ විය නොවිය යුතු දෙයක් වේදෝ බියෙනි...
"අනේ දෙවියනේ...මොනවද මේ සර් කියවන්නේ...සර් බීලා කියලානම් හොඳටම සුවර්...ඒත් මේ කියවන කතා වලින් ...අනේ එපා එයා එයා මං ගැන හිතනවා වත්ද එපා දෙවියනේ එපා...මට ඕන නෑ ඔයා එක්ක යාලුවෙන්න...එහෙම උනොත් මොකද වෙන්නේ අර කුඩංඅප්පච්චි කියන කියන දේ ඔයාට කරන්න වෙනවා මට...ඔයාව මරන්න කිව්වොත් වස දීලා ඒකත් මට කරන්න වෙයිනේ.....අනේ ඔහොම මං ගැන හිතන්න එපා සර්....පිරිමි බිව්වාම ඇත්ත කියනවාලු....අනේ එපා..එපා ඕන නෑ....ප්ලීස්...."
සයනී සිතන්නට වූයේ සිහින් ඉකියක්ද සමඟය...ඉකිය පිටතට ඇහෙයිදෝ කියා ඇය තම අනෙක් අතින් මුවට තද කර සිටියේ තමා ඉදිරියේ සිටින අමුත්තා කළබල වේ දැයි සිතා බියෙනි....
"සයනී...ඇයි ඇයි සද්ද නැත්තේ...තමුසේට අයිතිකාරයෙකුත් නෑ කිව්වානේ නේද...ම්ම්ම්....තමුසේ මාර ලස්සනයි ඕයි..මුල් දවසේ දකිනකොට නම් තමුසේ මෙලෝ රහක් නෑ ඒත් මං දන් නෑ තමුසේගේ කොහේ තියන මායාවකට මෙ යුගාන් අහු උනේ කියපන්......"
"සර් ඔයා ගිහින් නිදාගන්න සර්...මං තියන්නම්...බුදුසරණයි .."
තවත් ඔහු කියවන්නට ගියහොත් තමා කුමක් කරන්න දැයි සිතා ගත නොහැකිව සයනී එසේ පැවසුවාය..නමුත් මතින් මත් වී සිටි යුගාන් නම් එයට කැමති වූයේ නැත...ඔහුට අවැසි තම කුළුඳුල් හැඟීමේ අරුත සයනීගෙන් විමසන්නටය...
YOU ARE READING
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...