පනස් හත

272 40 2
                                    


"සයූ...ප්ලීස්.මාව රිජෙක්ට් කරන්න එපා...ඔයා මාව රිජෙක්ට් කරොත් මං  ජීවිතේ දෙයක්  පරාද වෙන පලවෙනි පාර මේක වෙයි...මට ඒක දරාගන්න බෑ....ප්ලීස්.ප්ලීස් ...කවදාවත් නැතිව ඇයි මං මෙච්චර ටෙන්ශන් එකේ...ඕහ් ගෝඩ් ...නෑ ශෙහාන් පිරිමියෙක් වගේ ඕන දෙයක් පිලිගනින්...එපා කිව්වොත් හැරිලා වරෙන්..එච්චරයි...."

ඡායාරූපයේ සඳහන් වූ ලිපිනය කොළඹට නුදුරු තවත් එක් නිවාස සංකීර්ණයකට අයත් ලිපිනයකි...නිවාස සංකීර්ණය ඉදිරිපිට වාහනය නවතා මුරකරුගෙන් අවසරය ගෙන ශෙහාන් සයූරිගේ නිවස වෙත ගියේ සිතෙහි දෙගඩියාවෙනි..කිහිපවරක්ම ආපසු හැරි යන්නට හැදුවේ පොඩි එකකු විලසිනි..නමුත් කෙසේ හෝ අවසානයේදී නිවාසය ඉදිරියට පැමිණ එහි සීනුව නාද කරන විට ඔහුගේ පපුව ගැහෙන වේගය අතිශය අසාමාන්‍ය ලෙස ඉහළ ගියායින් ශෙහාන් තම පපුව මත අත තබාගෙන දෑස් වසාගත්තේ හිතින් මොනවදෝ මුමුණමිනි........ඒ වන විටත් සයුරි දොර විවර වී ඇති බව ශෙහාන් නම් ශෙහාන් දන්නේ නැත...

තමා ඉදිරියේ දෑස් තදින් වසාගෙන අතකින් පපුව පිරිමදිමින් මොනවදෝ මුමුණ සිටින ශෙහාන් දුටු විට සයුරි ගැස්සී ගියේ මේ මොහොතේ අනපේක්ෂිත රුවක් වූ නිසයි...නමුත් තමා දොර විවර කල බවවත් නොදැන ශෙහාන් සිටින අයුරු දැක හඬ නොනැගෙන සේ මුව දෙඅතින් වසාගෙන සිනහා වූයේ ශෙහාන්ගේ හැසීරිම ඒ තරමටම බොළඳ වූ නිසයි...

සයුරි නතාරා...ඒ සුරේශ් කුමාරසිංහගේ වැඩිමහල් දියණිය..සයනි නොදන්න සයනිගේ එකම සොහොයුරිය....සුරේශ්ට අයිති සියලුම දේපලවල පරම හිමිකාරිය...අවුරුදු දහයේ පමණ සිට ශාලුකගේ අනුදැනුම මත ස්විට්සර්ලන්තයේ  ජීවත් වූ ඉතා කෙළිලොල් ,දඟකාර, කටකාර  යුවතියක්...කුඩාකල සිටම දඟකාරියක් වූ ඇයට ශෙහාන් ප්‍රේමකලේ අවම වශයෙන් ඈ මේ ලෝකයේ ජිවත් වන බවවත් නොදැන...නමුත් දෛවය කියන්නේම හරිම අමුතු දෙයක්...අපි ආදරේ කරන අය අපෙන් උදුරගෙන අපිට දුක දෙන්නත් ,අපි ආදරය කරන අය අපිට කොහොම හරි හොයලා දීලා ජීවිතයම සතුටින් පුරවන්නත් දෛවය ගහන්නේ සුපිරිම සැලසුම් තමයි....අන්න ඒක නිසා වෙන්න ඇති සමහර විට ජීවිත කාලයම හමුවෙන්න හිතලාවත් නැති උදවියව අපිට අහම්බෙන් මුණගස්වන්නේ..ඔව් ඒ හමුවීම් අපිට ජීවිතය අරගෙන එනවා..අන්න ඒ වගේම තමයි...ශෙහාන් සයුරි...කුඩා කල මිතුරන් උන මේ දෙන්නා ඒ දෙන්නාටත් හොරෙන් හිතින් ආදරය කරන්නේ අඩුම වචනයක් වත් කතා නොකර,අඩුම ඔවුන්ගේම කියලා චායාරූපයක්වත් ඔවුනට නොමැති තැන...ඉතින් දෛවය කල්පනා කරන්න ඇති, ජීවත් වන බවවත් නොදැන සිත් දෙකක් දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ හිතේ රැඳුන රූපේට ,අතීත මතක වලට ආදරය කරමින් ඔවුන් වෙනුවෙන්ම පේ වෙන මේ ආදරවන්තයන් දෙදෙනාව එකතු කරන්න...ඔව් ඒ ආදර කියන්න...දෙදෙනාටම ලස්සන ආදරයක් ලස්සන අනාගතයක් දෙන්න................

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora