විසිවන කොටස

315 33 0
                                    

💗නොපැතූ හැඟුමක්💗

❤20 කොටස❤

"ඕයි මූ ෆෝන් එක ඕෆ් කරලානේ...බූරූවා...ඌ උබට මුකුත් කිව්වේ නැද්ද විස්‍තරයක්..ම්ම්ම්...මොකද සෙටාර් එක ගේමට බැහැලා හිටියේ ගිය ටිකේ...සීසීටීවී බලන්න ගිහින් තිබ්බ සානුජුයි ශානුයි.මූ අනිවා නිව්ස් එකක් හොයාගන්න ඇති...."

"මොනාදෝ ටිකක් නම් කිව්වා බං,ඒත් මං නිදිමරගාතේ නේ හිටියේ ඇහුණ් නෑ..."

ගිවන්ත කීවේ ඔලුව කසමිනුයි....

"නෙදකින් තෝ නම්...කමක් නෑ ඌ ඇලර්ට් එක දැක්කම ගනී නේ...අහපන්කෝ මට උඹෙන් දෙයක් අහන්න ඕන..."

යුගාන්ට ආදරය ආගන්තුක වුවද ගිවන්තට එසේ නොවේ..යුගාන් ගිවන්තගෙන් ඇසන්නට පෙරදා සිට ප්‍රශ්න වැලක් ම සාදා ගෙන තිබුනි..

"ඔව් කියපන් බොක්ක.උඹට මේ ගිවන්තගෙන් අහන්න තියෙන්නේ මොනවද...රෑට බොමු කියන්න නම් එපා මං හැදිලා ඉන්නේ..."

"එහෙම ල... නෙමේ බං..මේකයි උඹ දැන් ඔය කරන ලව තියෙන්නේ ඒක දැන් අවුරුදු බර ගාණක් තිස්සේ නේ උඹ ඇඳන් යන්නේ..."

ගිවන්තගේ ආදර අන්දරයට දැන් සත් අවුරුද්දක් ගත වී ඇත.එය පාසල් කාලයේ සිටම පැවත එන්නකි..යුගාන් කිසිවිටෙක ආදර සම්බන්දතා පිළිඹඳ තැකීමක නොකළ හෙයින් ගිවන්තගේ ආදර කතාව ගැනත් වැඩි යමක් දැන සිටියේ නැත..නමුත් කිසිදා නොවූ ලෙසින් යුගාන්ට ගිවන්තගෙන් ඒ පිළිබඳව විමසන්නට වූයේ තම සිත මේ දිනවල සොයන අමුතු හැඟීමට අරුතක් දීමටයි....

"අපෝ ඔව් ඒයි...ඒක මේ යටගිය බරණැස් කාලේ ඉඳන් එන්නෙ...උඹ දන්නවානේ ඉතින් ඇස පිනෙව්වට එක එක කෙල්ලෝ දිහා බලලා ගතයි සිතයි පිනාගන්නේ එක කෙල්ලෙක්ගෙන්...ම්ම්...'

යුගාන්ට කටකොනින් සිනහ රැල්ලක් නැඟිණි...ගිවන්ත කීවේ ඇත්තකි,ඔහු කෙතරම් ගැහැණු ළමුන් දිහා බැලුවද තමා දන්නා කියන කල පටන් ආදරේ කළේ එකම තරුණියකටයි..එය පිවිතුරු ආදරයක් බවත් ඔහු දැන් උන්නේය...

"හ්ම්ම්ම්....ඒක තමයි මං උඹෙන් මේක අහන්නේ උඹට ලව් කියන දේ තේරෙන්නේ දැනෙන්නේ කොහොමද කියපන්...අයි මීන් උඹට ඉෂාදීව ෆීල් වෙන්නෙ කොහොමද,මං මේ නිකන් අහන්නේ විශේශ දේකට නෙමේ.."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Où les histoires vivent. Découvrez maintenant