❤නොපැතූ හැඟුමක්❤
🎀15 කොටස
"ඉස්සෙල්ලාම කියහන් උඹට උන කැත වැඩේ මොකක්ද කියලා...උඹ ආය කවුරු හරි එක්ක පැටළුනේ නෑ නේ"
ශෙහාන් යුගාන්ගේ සැටි හොඳාකාරවම දනී..ඔහුට අනුව යුගාන් යනු හොඳට හොඳ නරකට යම රජ්ජුරුවනුත් පරාද වන ආකාරයේ ගති පැවතුම් ඇති අයෙකි ....තමනුත් ලංකාවේ නැති අතරේ යුගාන් කුමක් හෝ ප්‍රශ්නයක් දාගනීදැයි බියෙන් ශෙහාන් පසු විය....
"නෑ නෑ හලෝ....ඔය ඉතින් මල්ලි ගැන දන්නේ නෑ වගේ නේ කතාව....පොඩි ප්රින්ට්රින් මිස්ටේක් එකක් උනා ඕයී...මේක අපේ තාත්තාට ආරංචි වෙන්න කලින් මං තමුසේට දැනුම් දෙන්න ගත්තේ ...."
"හරි දැන් මොකක්ද සීන් එක...."
"මං අලුතින් ඇසිස්ටන් කෙනෙක් ගත්තානේ ඕයි.අර ඉන්ටර්වීව් එකෙන්.ඉතින් ගත්තේ පට්ට කෑල්ලක් .හාද..පොඩි කෙල්ලෙක් මට වඩා ගිවාට තමයි ඒකිව ගන්න ඕන උනේ..අද මං ඒකිත් එක්ක හොටෙල් එකට ආවනේ...සෝ අර අපේ පියසෝම අංකලයා ඌට වයර් මාරුනේ ඕයි හැමවෙලේම,ඒකිව දැක්ක ගමන් ඇහුවා මගේ කෙල්ලද කියලා...මාත් ඉතින් ආතල් එකට ඒකී මගේ කෙල්ල විදියට ඉන්ට්‍රො එකක් දුන්නා...මූ ගිහින් බෝර්ඩ් එකටම කියලා කියහන්කෝ..බෝඩ් එකේ එකෙක් අපේ තාත්තගෙන් ඕක ඇහුවොත් ඕයි ඔක්කම දමලා ගහලා තාත්තා එයි වෙඩිම ගන්න...දන්නවානේ අපේ ඩැඩාට පාරේ යන කෙල්ලෙක් හරි කමක් නෑ අපිට බන්ඳන්නයි ඕන කියලා...ඒ හන්දා මං ගැන මොනවා හරි ඇහුවොත් තත්ත්වය තේරුම් කරලා දීපන් හා නේද!?"
"අඩේ ඕයි....උඹත් මාර ආතල් නේ ගන්නේ...කෙල්ල ලස්සනද....ඉතින් ලස්සන නම් යාලුවෙයන්කෝ..අදහසක්වත් තමුසේට පහල වෙලා නැද්ද...මට තව ටික කාලයක් සැනසීමේ ඉන්න පුලුවන්...."
"දැනට නම් නෑ ඕයි....සෙට් වෙයිද කියලා කියන්න බෑ...පට්ට අහිංසකයි වගේ...තමුසේට තමයි හැබැයි ඒ වගේ කෙල්ලෙක් සෙට් වෙන්නේ....මොකෝ කියන්නේ ආවම බලමුද...."
යුගාන් කීවේ තම සහොදරයාගේ බිඳුන හිතට යම් කිසි සහයනයක් ගෙන ඒමටයි..
"අනේ මේ මගෙන් අහගන් නැතුව හිටපන්.....දැනට නම් බෑ කියන්නේ සෙට් වෙයි කියලානේ නේ...කෙල්ලගේ නම මොකක්ද? "
ŞİMDİ OKUDUĞUN
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romantizmසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...