💗නොපැතූ හැඟුමක්❤
💗27 කොටස 💗
අද රාත්‍රියත් යුගාන් ගත කරන්නේ සයනීගේ නිවසෙයි....ඔවුන් දෙදෙනා පන්සලේ ගත කල කාලයේ පටන් නිවසට ඒම දක්වා දෙදෙනෙක් ඔවුන්ව ලුහුබැඳි බව යුගාන්වත් සයනිවත් දන්නේ නැත...
"සයනී තමුසේ ගිහින් වොශ් දාගන්නවා.මට ගිවන්තට කෝල් එකක් ගන්න තියනවා..මං අරං එන්නම්."
මෝටර් රථය සයනීලාගේ මිදුලට ඇතුල්කරන ගමන් යුගාන් කීවේය..සයනී මෝටර් රථයෙන් බැස ගියාට පස්සේ යුගාන් දුරකතනය කනේ තබා ගත්තේ තම අතිජත මිත්‍රයාව ඇමතිමේ අරමුණින්..ඒත් සමඟම ඔහු දුටුවේ මෝටර් බයිසිකලයකින් ඔවුන් දෙදෙනාව ලුහු බැඳපු තරුණයන් දෙදෙනා නැවති ඔහු දෙස බලා සිටින අයුරුයි...
"හෑ ....අර මොකාද අර...මා දිහා කන්න වගේ බලන් ඉන්නේ...සයනි පස්සෙන් එන කොල්ලෝ දෙන්නෙක්වත්ද....ම්ම්ම්ම්...බලමු මුන් කව්ද මොනවද මේ ගේ ඉස්සරහට වෙලා බලන් ඉන්නේ කියලා.."
එහෙමම සිතන ගමන් යුගාන් අඩියක් දෙකක් ඔවුන් සමීපයට යෑමට අඩිය තියන විටම මෝටර් රථය ශබ්ද නගමින් හීයක වේගයෙන් ධාවනය වූයේ යුගාන්ට සිතන්නටවත් වේලාව ඉතුරු නොකරමින්...
"මේ මොන ගල් හිපාටුවෝ දෙන්නෙක්ද ...යකෝ මුන් කාගේ.දරුවෝද ශික් මට මිස් උනානේ..මං මුන් දෙන්නාව කොහෙදි හරි දැකලා තියනවා...ම්ම්ම්...කව්ද මුන් කොහෙදීද මං දැක්කේ...ශික් මිස් උනානේ.."
තමාටම කියාගත් යුගාන්ට ඔවුන් මින් ඔවුන් හමුවී ඇති බවක් ලාවට මතකයේ තිබිණි..ඒත් එක්කමයි ගිවන්තගේ හඬ යුගාන්ගේ සවනේ වැකුණේ,
"අඩේ යුග් මොනාද උඹ ඔය කියවන්නේ..."
"මේ ඕයි මං මේ සයනිලගේ ගෙදර ආවා ගිවා...මොක්කුද දෙන්නෙක් අපිව ෆලෝ කරලාද මන්දා ඕයි...මාව දැක්ක ගමන් බලං ඉදලා යන්න ගියා..මොක්කුද මේ අපි පස්සෙන් ඉදන් ගේම දෙන අවජතකයෝ...ශික්..මුන්ව මට දැකලා පුරුදු ත් එක්ක ඕයි..."
"මොනවා.උඹේ පස්සෙන්...අපි ළඟදි ගේමකට සෙට් උන් නෑනේ..කව්ද එහෙම බයක් සැකක් නැතුව උඹව ෆලෝ කරන්න ඉන්නේ...ඒ මේ යුග් අපි උස්සපු මිනිහාගේ ස්ටාර් එකවත්ද...ම්ම්ම්..."
ESTÁS LEYENDO
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...