තිස් පහ කොටස

238 33 1
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗35 කොටස💗

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

"සයූ...."

ශෙහාන් සයනිව එසේ අමතන විට සයනි ගැස්සි ගියේ ශෙහාන් කියපු නම හොඳින්ම සවනට වැකුණු නිසයි...සයනි ඔලුව උස්සා ශෙහාන් ගේ මුහුණ දෙස බැලුවේ තමාට සයූ ලෙස ආමන්ත්‍රණය කරේ කවුරුන්ද යන්න හැඳින ගැනීමටයි...ඒ සැනෙකින්ම ශෙහාන්ගේ හා සයනී ගේ දෑස් පැටළුනේ ශෙහාන්ගේ හදවතේ වේගය වගේම රුධිර ගමනාගමන වේගයත් වැඩිකරමින්...නමුත් සයනිට නම් ඒ දෑස් වල කිසිඳු විශේෂත්වයක් තිබුණේ නැත...නමුත් තමාට සයු ලෙස ආමන්ත්‍රණය කලේ ඇයි දැයි ඇයට ප්‍රෙහෙලිකාවක් විය...ප්‍රධාන ආරාධිතයන් අතරින් අවසානයටම පිලිගන්න තිබුණේ ශෙහාන් ව නිසා දැනටමත් අනෙකුත් අමුත්තන් ඔවුන් දෙදෙනාව පසු කර ඉදිරියට ගොස් අවසානයි...සයනි අත රැඳි මල් කළඹ ශෙහාන්ට පිලිගැන්වූයේ ශෙහාන් විමතියෙන් මෙන් ඇය දෙස ඇස් නොපියා බලා සිටින අතරතුරයි...

"කම් හියර් සර්..."

සයනි ශෙහාන්ට මල් කළඹ පිළිගන්නවා ඔහු සමඟම ඔවුනට වෙන් වී ඇති අසුන් දෙසට රැගෙන ගියේ යුගාන් දෙසත් නෙත් යොමු කරමින්...යුගාන්ගේ  නෙත් මොහොතකටවත් සයනිගෙන් මිදුණේ නම් නැත...ඒවගේමයි ශේහානුත්...තමාට අනෙක් පසින් තාලයට අඩිය තියමින් දිගු ගවොමත් අතෙකින් සාදමින් ඇය ගමන් කරන අයුරු ශෙහාන් බලා සිටියේ අදහාගත නොහැකි විමතියෙන්...

"සර් ...ටේක් අ සිට්..."

සයනි ශෙහාන්ට අසුන් පිළිගන්වා ඔහුට එහා පස අසුනේ අසුන්ගත් නයෝමි වික්‍රමසිංහ දෙස බැලුවේ ගෞරවාන්විත සිනහවක් ඇයට පිලිගැන්වූයේ ඇය යුගාන්ගේ මව් බව දන්නා නිසාමයි..නයෝමිද පෙරළා ඇයට ආදරණීය සිනහවකින් සංග්‍රහ කලේ හිසින් හා නෙතින් ඇයව දන්නා බව හඟවමින්...

ඔවුන්ගෙන් මිදී යාමට සැරසෙන විටම තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ශෙහාන් දුටු සයනි එක්වරම ගැස්සි ගියේ ඔහු මින් මොහොතකට පෙර තමාව සයූ යන නාමයෙන් ආමන්ත්‍රණය කිරීම සිහි වීමෙනි...

"ම්ම්ම්...මේ සර් නේද යුගාන් අයියාගේ අයියා ...එයා මට සයු කියලා කතා කරේ ඇයි...කවුරුත් මට සයූ කියන් නෑනේ..තාත්තා විතරයි මට පොඩි කාලේ කිව්වේ පොඩි සයූ කියලා....මේ සර් කොහොමද මට සයූ කිව්වේ..හරිම අමුතුයි...අයියා කිව්වද දන් නෑ නේ මං ගැන...අම්මාටත් කියපු එකේ අයියාට නොකියා ඉන් නෑනේ ඒ හන්දා සයූ කියලා කියන්න ඇති...ම්ම්ම්..යුගාන් අයියා නම් සයූ කියලා නෑ කවදාවත්...හික්ස්..."

සයනි එසේ කියමින්ම පසෙකට වී ආරක්ශකයන් සමඟ කතා කරමින් සිටින යුගාන් සමීපයට ගියේ ඔහුටත් ඇවිත් අසුන් ගන්නා ලෙස පැවසීමටයි...උත්සව සභාවම වාර්ණාලෝක වී තිබුනේ ඉතා උත්කර්ෂවත් අන්දමිනි..සයනි මින් පෙර කිසිදු දවසක මෙලෙස උත්සව ප්‍රසංග වලට නොගිහින් තිබූ නිසාම ඇයටනම් මෙය නුහුරු අත්දැකීමක් විය...යුගාන් ආරක්ශකයන් සමඟ කතා කරමින් සිටියද යුගාන් ගේ දෑස් සයනිගෙන් ගලවාගැනීමට නම් නිහැකි විය...කාන්දමක් මෙන් යුගාන් ගෙ දෑස් සයනි දෙසම රැදී පවතින්නේ ඇයගේම ආරක්ශාවටයි....ඔහු දුටුවා පැමිණ සිටින තරුණ නළුවන් හා තරුණයන්ගේ දෑස් සයනී ළඟ දඟකරන අපූරුව...ඒ නිසාමයි යුගාන් ගෙන් සයනි දෑස් අහකට නොගත්තේ...

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Where stories live. Discover now