විසිහතර වන කොටස

265 32 0
                                    

💗නොපැතූ හැඟුමක්💗

❤24 කොටස❤

"යුගාන් කොහෙද මේ සුදු ඇඳගෙන යන්නේ අහ්...අද ඔෆිස් එකෙනුත් කළින් ඇවිත්.."

"පන්සලට අම්මා...පොඩි හාමුදුරුවෝ කතා කරලා ඇහුවා ඒ පැත්තේ එවෙන් නැද්ද කියලා...ඉතින් එහෙ ගිහින් එන්න යන්නේ...මොකද මේ මූණ නිකන් අර මොකටද අහුවෙච්ච මොකක්ද වගේ කරගෙන..."

යුගන් විමසූවේ නයෝමිගෙන්...

"අහ්..ලොකු හාමුදුරුවෝත් කතා කරලා තිබ්බා තාත්තාට මං හිතන්නේ කඨින පින්කමේ වැඩ වලට වෙන්න ඇති...යන එක හොඳයි..."

"අෆ්ෆා තව පොඩ්ඩෙන් අමතක වෙනවා.."

යුගාන් තම හිසටම පහරක් ගසා ගෙන නැවත ඔහුගේ කමාරයට ගොස් බොටම් කලිසම් දෙකක් , ටී ශර්ට් දෙකක් හා ටවල් එකක් බෑගයකට දමාගෙන නැවතත් පහල මහලයට ඇදුණේය.

"ඒ පාර මොකක්ද මේ..බෑග් එකක් උස්සන්...මොනවද යුගාන් ඔයාට මේ වෙලා තියෙන්නේ...අහ්...අයියා ගියා විතරයි දැන් වෙන සෙල්ලමක් පටන් ගත්තද..."

"අම්මා..මොකෝ අනේ මේ..."

"මොකද අහන්නේ..මොනවාද ඔය බෑග් එකේ තියෙන්නේ අහ්...ආයෙ පටන් ගත්තද රේස් පඳින්න යන්න..."

නයෝමී විමසුවේ තරහිනි..

"අයියෝ නෑ අම්මා...මං කිව්වේ පොඩි ලේලි මේ ටිකේ තනියම පරිස්සම් කරන්න යන්නේ...බෑනෙ නැත්නම් හොරු අරන් ගියොත් ආයේ මේ යුගාන් ඔයාට ලේලිලා හොයන් නෑ හරිද.."

"මොකක්...පිස්සුද යුගාන් කොල්ලෙක් කෙල්ලෙක් එක ගෙදරක ඉන්න මහ රෑට..ඒ ළමයාගේ අම්මා තාත්තා මොනා නොකියයිද..ඔහොම ඉන්නවා අද හෙටම මේ මඟුල තීන්දු කරන්න ඕන හරිද..මංහෙටම එනවා ඔය දරුවාව බලන්න...අපි මොන සමාජ තරාතිරමේ උනත් මේ රටේ මඟුල් කෙරෙන විදියක් තියනවා යුගාන්..බඳින්න කලින් ඔහොම ගෙවල් වල ඉන්නවද කෙල්ලෝ..ගෙවල් වලද නැතනම් වෙන කොහේ හරිද දැන් මේ යන්නේ..මට නම් තේරෙන් නෑ යුගාන් ..ඔයා කෙල්ලෙක් හොයා ගත්තට වඩා හොඳයි කලින් වගේම නිකන් හිටියනම්...අනේ මන්දා මේ ළමයා..."

නයෝමි කීවේ මුහුණේ අතක් තබා ගනිමිනි..තම මවගේ සංස්කෘතික ගති පැවතුම් පිලිබඳව යුගාන් හොඳාකාරවම දනි.. ඇරත් විවාහයකට පෙර මෙවැනි ගමන් වුවද අනුමත කළ නොහැකි බව යුගාන් වුවද දනි..එ බැවින් මවගේ සිතුම් පැවතුම් වරදක් නැති බවත් ඔහු දනි...කෙසේ හෝ නයෝමිට මෙය පහදා දිය යුතු බවට ඔහු සිතා ගත්තේ ,තමා කුමන කෝ දඩබ්බර වැඩක් කලෝතින් තම මෑණියන්ගේ සිත් පෑරෙන බව හොඳින්ම දන්නා නිසයි...

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora