💗නොපැතූ හැඟුමක්💗
❤23 කොටස❤
හුන් අස්නෙන් නැඟිට යුගාන් කාමරයෙන් පිටතට ගියේ සඟයන් පිරිසද පුදුමයට පත් කරමින්...යුගාන් දඩබ්බර හිතුවක්කාර චරිතයකි..ඇරත් ඔහුට අසීමාන්තික ලෙස කෝපගන්නා බවත් සඟයන් දනී..තම පියාගේ අනතුර පිටුපස සිටින පුද්ගලයා ඉදිරියේ මෙතරම් ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම සඟයන්ට මහත් ගැටළුවකි..
කාමරයෙන් පිටතට යන යුගාන් ගේ පසුපසින් ගියේ සනුජ් හා ගිවන්ත ඇතුළු පිරිසයි...
"සනුජ්...ශානාව මූ ගාව තියපන්...මුගේ ගෙදර එවුන්ගේ පොටෝ ටිකක් පෙන්නපන් අනිවාර්‍යෙන් මූ වමාරයි...අනික ආය තව නෙලන්න යන්න එපා..තව ගැහුවොත් මූ මැරෙයි..මූගේ මහ එකාව හොයාගනින්...අනිවාර්‍යෙන් මේක ප්ලෑන් කරලා කරපුවැඩක්..."
"අඩේ යුගා...උඹමද බං මේ..ඕයි අපි හිතුවේ උඹ ඇවිත් මුගේ බඩ බොකුත් එලියට ගනි කියලා...මොකද ඕයි මේ...කෝ මයේ අම්මා බලහන් උබට මොකක් හරි ලෙඩක්ද...හෑ..."
ශාන් කීවේ යුගාන්ගේ මුහුණට එබෙමින්...
"පලයන් බං...උඹලා මුගෙන් නිව්ස් එක ගනින් කෝ එතකොට මූගේ මහ එකාට මං කව්ද කියලා පෙන්වන්නම්..සිප්පි කෑලිවලට අත උස්සන්න බෑ...මේ ඒක නෙමේ සනුජ් ගිවාව අපේ ඔෆිස් එකෙන් දාපන්...මං පොඩි වැඩකට යනවා...ගිවා මූ එක්ක පලයන්...මං හතර කිට්ටු වෙද්දි එන්නම් ඔෆිස් එකට..උඹ වැඩ ටික බලාගනින්...."
යුගාන් එසේ කියමින් තම සුඛෝපභෝගී රථයට නැගුනේ ඉක්මණින්ම තමා සිතේ වූ දෑ ඉටු කර ගැනීමේ අරමුණින්...නමුත් ඔහුට සඟයන්ගෙන් ගැලවීමනම් එතරම් පහසු නොවනු ඇති...
"මේ මේ උඹ පොඩ්ඩක් හිටපන් යකෝ...උඹට අහවල් දෙයක් උනාද...ඈ ගිවන්තයා මූ මොකක්ද මේ දෙන ලයින් එක....බලහන්කෝ...මේ යුගා මට කියහන් උඹලාගේ ඔය ඔෆිස් එකේ මොකක් හරි මේ ඇටිටියුඩ් චේන්ජර් එකක්වත් තියනවාද කියලා...ශාලුක අංකල් ඇල් වතුර බොන්නේ..එතකොට ශෙහාන් බ්‍රදර් ඌ ඇල් වතුර නිවලා බොන්නේ...මූ බලහන්කෝ දැන් මූ ඇල්වතුර නිවලා ඒක ෆ්‍රිජ් එකේ දලා නිවලාද කොහෙද බොන්නේ..ගිවන්ත උඹත් එහෙම විපර්‍යාසෙකට ලක් වෙලාද කියපන් ඉන්නෙ..."
JE LEEST
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romantiekසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...