❤නොපැතු හැඟුමක්❤
💗22 කොටස💗
"ඔහ් ගෝඩ් මං මොකක්ද දෙයියනේ ඒ දැක්කේ...ඔහ් ශිට්....සයනි ,සයනි යුගාන් එක්ක ....නෑ ඒක වෙන්නේ කොහොමද...ඒක වෙන්නේ කොහොමද .....සයනි යුගාන් ගේ නෙමේ....දෙවියනේ...යුගාන් කිස් කරන්න තරම් සයනිව ඒ දෙන්නාගේ...උන් දෙන්නාගේ කෙමෙස්ට්‍රි එක..නෑ ..නෑ ...නෑ.... ඒත් සයනි කිසිම ඔබ්ජෙක්ශන් එකක් පෙන්නුවෙත් නෑනේ...අනික යුගාන් එහෙම ගෑනු පෙරෙතයෙක් නෙමේ...ඌ පට්ට ඩීසන් නේ..කෙල්ලෙක් එක්ක ආසාවකට නමක් ගෑවිලාවත් නෑ...යකෝ මේ දවස් පහට....බෑ බෑ...මේක වෙන්න බෑ......"
අංජන සිටියේ තමා දුටු දේ අදහා ගැනීමට නොහැකිව වියරුවෙන් මෙන් තමාටම කෑගසමිනි...තමා පෙර දින රාත්‍රියේ සිට ලියකියවිලි හා ලිපි ගොනු පීරා සෙව්වේ එක් දෙයකි. එනම් සයනි හා සයනී ගේ පියා ගැනය..තමා එතරම් තැකීමකට ලක් නොකළද ලිපි ගොනු පරීක්ශාවෙන් වැදගත්ම කරුණ සොයා ගත හැකි විය..ඔහු සයනි හමුවීමට ගියේ ඒ කරුණ සැක හැර දැන ගැනීමටයයි .නමුත් ඔහු දුටු දෙයින් තමාට අදහා ගැනීවටවත් නොහැකි විය...
"මං කොහොමද දෙයියනේ කටක් අරලා ශෙහාන් ට කියන්නේ උඹ අවුරුදු ගාණක් හිතින් ලව් කරපු කෙල්ල දැන් උඹේ මල්ලි ගේ කෙල්ල කියලා...ශිට් ශිට් ශිට්......මොන කරුමයක් ද මේ පාත් උනේ...ඇයි ශෙහාන් ඇයි උඹ මේ කෙල්ල මෙහේට එන දවසේම ඔහෙ මකබෑවුනේ අහ්....ශිට්...මූට මේක කියන්න බෑ..කොහොමද මේක කියන්නේ....සයනිගේ තාත්තා එක්ක තමයි ශෙහාන්ලාගේ තාත්තා මේ හොටෙල් එක පටන් අරන් තියෙන්නේ...එතකොට උඹ හිතපු විදියටම ඒ බිස්නස් පාර්ට්නර් ගේ දුවට තමා උඹ ලව් කරලා තියෙන්නේ...ආය බලමු සයනිගේ බර්ත් සෙටෆිකට් එකේ තියන තාත්තාගේ නමමද බිස්නස් පාර්ට්නර්ගේ නම කියලා..."
අංජන වියරුවෙන් මෙන් ලිපි ගොනු නැවත අවුස්සමින් සොයන්නට වූයේ සයනීගේ තොරතුරුයි...සැබැවින්ම අංජන සොයා ගත් දෙයනිවැරදිය...සයනිගේ පියා තමයි යුගාන්ගේ පියා සමඟ එක්ව මෙම ව්‍යාපාරය ආරම්භ කලේ..එවිට ශෙහාන් සැබැවින්ම කුඩා කල ප්‍රේම කලේ සයනිටද?
"ඔහ්.ගෝඩ්....ශෙහාන් උබ මෙච්චර අන්ලකී උනේ කොහොමද බං...උඹට තිබ්බා නම් ඒ ඉන්ටර්වීව් එක දවසේ මෙතන ඉන්න එහෙනම් අද ඒ කිස් එක සයනිට දෙන්නේ යුගාන් නෙමෙ උබ නේ...බෑ මං මෙක උබට කියන් නෑ...ඒක උඹ ආපු දවසට හැම දෙයක්ම ලස්සනට තේරුම් අරගනි...ශිට්....ඒත් යකෝ තමන්ගෙම තාත්තා හදපු කම්පැනියකට දුවෙක් ඉන්ටර්විව් එකකින් එන්න තරම්...අනේ මන්දා..සයනි මෙලෝ දෙයක් දන් නෑ වගේ නේ ඉන්නේ..මට හිතෙන්නේ මෙතන මොකක් හරි ලොකු අවුලක් තියනවා...ඔව් පොඩි එකක් නෙමේ ලොකු එකක්...ඇයි මෙ කෙල්ල මේක තමන්ගේ තාත්තාගේ කම්පැනි එක කියලා නොදන්නේ.එක්කෝ දැනගෙන දන් නෑ වගේ ඉන්නවාද..කොහොමත් තාමය්හ් ශෙයාස් වල කොටසක් එයාලාගේ නමට ඇතිනේ..මොන ජාතියේ වැරැද්දක් ද මෙතන වෙලා තියෙන්නේ ම්ම්ම්....මෙයාට මේ ඔක්කම අමතක වෙන්න ඇතිද.එහෙම වෙන්නත් බෑනේ..ශිට්. එයාලා වෙන් උනේ අතදරු කාලේ නෙමේනේ..එර්ර්.. ඇයි මට හිතෙන්නේ මෙතන මොකක් හරි හෙන අත්භූත දෙයක් තියනවා කියලා...ම්ම්ම්ම්...නෑ මේක අහන්න ඕන හෙමින් සෑරේ ගිහින් සයනිගෙන්....ම්ම්ම්ම්....බලමු...."
أنت تقرأ
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
عاطفيةසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...