29 කොටස

285 31 0
                                    

❤නොපැතූ  හැඟුමක්❤

💗29කොටස💗

"ඒයි ජීනේ අද තමයි දවස අරූගේ ඉරණම අද ඉඳන් ලියන්න පටන් ගමු...ගනින් අර බෙහෙත් කුප්පිය...ම්ම්ම්....කඩියාට කියාපන් වෙනදාට සල්ලි අනන් මනන් හංඟන තැන මේ කුප්පිය තියලා වරෙන් කියලා...ඒ වගේම පරිස්සමින් යන්න කියහන්...අර කොල්ලා ඒ ගෙදරට ගෑනියෙක් ගෙනත් දාලානේ,එ තරම් ආරක්ශාව උගේ මරණේ ලියන කෙල්ලට..හහ්...ඒ ගෑනී ඉන්නවාද කියලා බලලා ඒ කෙල්ලගේ ගෙදරින් මේක තියන්න කියපන්..මට ඉක්මණට මේවා ඉවර කරලා සැප විදින්න ඕන ජිනේ සැප.."

නිහාල් වියරුවෙන් මෙන් සිනහ වෙමින් කෑමොර දෙන්නට වූයේ සයනීගේ සීයා පසෙකින් බියෙන් සුසුම් හෙළන මොහොතකයි....

"නිහාල් බොස්..එතකොට කෙල්ලට අපි ඒක දැනුම් දෙන්නේ..."

"ඕක ගිහින් තියපන් ජිනේ මං ඕකිට කියන්නම්...දැන් ඉඳන්ම ඕකට ඕවා පොවලා තිබ්බාම අපිට ඕන කාලයක් වෙනකොට ඌගේ වෙලාව ඇවිත් තියෙයි...හහ් හහ....හ..."

"බොස් දන් නැති හන්දා අහන්නේ ඒ බෙහෙත් වලින්......"

ජිනේ අතකින් ඔලුව කසමින් ඇසුවේ සැබැවින්ම ඔහු ඒ පිළිබඳව නොදත්  නිසයි...

"දන්නවද ජිනේ ..මේ නිහාල් අතේ ලේ ගාගන්න කැමති මනුස්සයෙක් නෙමේ...ම්ම්ම්ම්...ලේ හොල්ලන් නැතුව තමා මං ගේම ගහන්නේ...ම්ම්ම්ම්...මෙන්න මේ නාකියා නම් හොඳට දන්නවා මොනවද ඒ බෙහෙත් වලින් වෙන්නේ කියලා...හහ්...හහ්....යකෝ සුරේශ්ගේ ගෑණීම තමයි සුරේශ්ව මැරුවේ උඹ දන්නවද ජිනේ..මුගේ පුතාගේ ගෑණී ඒ කිව්වේ මගේ හොර ගෑණී ඒ කාලේ...ඒවා වැඩක් නෑ දැන් පේනවනේ මේ නාකියා කේන්තියෙන් වෙවුලනවා...අපිව මරයිද ජිනේ මූගේ කේන්තිය..."

නිහාල් සයනිගේ සියා ගැටගසා තිබූ පුටුව වටේ කැරකෙමින් අසන්නට වූයේ මුවේ සරදම් සිනහවක් රඳවාගෙනයි..

"ඒ උම්මත්තක ගෑනී මගේ අහිංසක කොල්ලට කරපු වැඩේ මගේ අර පොඩි කෙල්ල අර කොල්ලාට කරන් නෑ..මොකද ඒකීගේ ඇඟේ දුවන්නේ ඒකිගෙ අප්පාගේ ලේ බොල...උඹලා මොන දහදුරා වැඩේ ඒකීගෙන් ගන්න බලන හිටියත් ඒකී ඒවා කරන් නෑ මට ඉර හඳ වගේ විස්වාසයි...මේ ලෝකේ ධර්මයක් කියලා දෙයක් තියනවා මගේ කෙල්ල අඩුගානේ මසක් මාළුවක්වත් කන කෙල්ලෙක් නෙමේ ඒ කෙල්ලව දෙවියෝ ආරක්ශා කරයි ...උඹලා උබලා පරිස්සම් වෙනවා..අනිත් එවුන්ගේ දේවල් බලෙන් උදුරගන්න ජරා හැත්ත..උඹලාට පටිසන් දෙනවා මේව තූ....."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Opowieści tętniące życiem. Odkryj je teraz