එකොලහ

320 44 1
                                    

❤නොපැතූ හැඟුමක්❤

✨️✨️11 කොටස✨️✨️

වේලාව පස්වරු පහට ආසන්නයි...සයනීගේ රැකියාවේ වැඩ ආරම්භ කර මුල්ම දිනය එසේ නිමාවන්නේ සයනීගේ සිතට තරමක දුක මුසු වූ සතුටක් එක් කරමින්...

පස්වරු හතර ආසන්න වෙද්දි කාර්‍යාලයේ අනිත් සේවිකාවන් නැවතත් තොල් ආලේපන උලා ලැහැස්‍ති වන්නේ නිවෙස් බලා පිටවීමටයි...නමුත් සයනී ඒ දෙස බලා සිටියා විනා තම අවුල් වූ හිසකේවත් නැවත සාදා ගන්නට ඇයට සිතක් නොවුණී..ඈ සිදුවූ හා සිදුවන්නට යන දේ ගැන සිතමිණී.

"මං කුඩංඅප්පච්චිගේ කීමට මෙතනට නෑවිත් වැඩට විතරක් මෙතනට ආවා නම් මට කොච්චර හිත සතුටින් වැඩ කරන්න තිබුණාද....සර් උනත් මං නපුරුයිකියලා හිතුවට හොඳයි වගේ....ඒත් කුඩංඅප්පච්චි  නම් කිව්වේ හෙනම අහිංසකයි කියලා...ඒත් ස්ටාෆ් එකේ අය කියන්නේ සර් නපුරුයි කියලා...අනේ මන්දා ....කොහොමත් සර් පොඩ්ඩක් සැරයි...ඒත් හරි ජොලියේ ඉන්නවා වගේ.....ඒත් අනේ......කුඩංඅප්පච්චි කියන විදියට එයාට මට ළංවෙන්න තියා හිතන්නවත් බෑ......ම්ම්ම්ම්.....අදවත් සීයට කතා කරන්න හම්බෙනවා නම් මට....සීයාව බේරගන්න මට හුඟක් කල් යයි....මේව කොහෙන් කොහොම කෙළවර වෙයි ද දන් නෑනෙ.....ඒත් ඇයි කුඩංඅප්පච්චි මේ සර් එක්ක මට යාලුවෙන්න කිව්වේ....මේවගේ සල්ලිකාරයෝ එක්ක එයාට තියන සම්බන්දේ මොකක්ද.......අනේ මන්දා....මට නම් මෙලෝ දෙයක් තේරෙන් නෑ......"

සයනී තවමත් කුඩා යුවතියකී..ඇයට තම සුලුපියාගේ ගැටළුවලට මැදිගත්වීමට සිදුවුනද හේතු කුමක්දැයි ඇයවත් දන්නේ නැත...ඇයට එය දැනගැනීමට ලොකු උවමනාවක් වුවද නැත්තා සේය....

යුගාන් බොහෝවිට අද දවස තුළ තම කැබින් එකේ සිටියේ ස්වල්ප මොහොතකි...ඔහු වැඩිමනක් සිටියේ තම සඟයා වූ ගිවන්තගේ කැබිනයෙයි...සයනී තමාට කුමක් හෝ සඟවන්නේ යැයි ඔහුගේ සිතේ හොල්මන් කළ කාරණයකී...එම නිසා ඔහු තම මිතුරෙක් ලවා ඇයගේ දුරකතනය තහවුරු දී ඇත්තේ කාගේ නමට දැයි සොයා බැලූ නමුත් උත්සහය අසාර්ථක වූයේ එම සිම් පත ඇයගේ නමටම තහවුරුවූවක් බව මිතුරා කීමත් සමඟය....

"මේ ගිවා....අහපන්කෝ...මං උඹට කිව්වා නේද අපේ තාත්තිගේ ඇක්සිඩන්ට් එක ගැන මං හොයනවා කියලා...හෙට ඉඳන් ගේමට බහිමු...මොකද මට හිතෙන්නෙම අපේ පස්සෙන් ඉඳගෙන අපිට ගේම දෙනවා කියලා...ඇක්සිඩන්ට් එක කරපු මනුස්සයව අතරින්න කියලා අපේ තාත්තී කිව්ව හන්දා ඒ මනුස්සයාගේ පස්සෙන් ගියොත් මේක හොයාගන්න පුලුවන්....උඹට තේරුණාද  මං කියපු එක...."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora