හතලිස් එක කොටස

213 32 0
                                    

💗41 කොටස💗

"සයනී..."

යුගාන්ගේ අතැඟිලි සයනිගේ කෙහෙරැලි අතරින් දිව්වේ සයනිව නින්දෙන් අවදිකරමින්...නින්දෙන් වුවත් යුගාන්ගේ සුවඳ උණුසුම හඳුනගන්නට නම් සයනිට අපහසූ වූයේ නම් නැත..යුගාන්ගේ හඬට සයනි නැගිටුනේ තත්පරයට දෙකටයි...මෙතෙක් වෙලා බලා සිටියේ ඔහුගේ රුව දැකීමටයි...

"අනේ මගේ අයියේ...ඔයා ආවාද...ඔයා හරිම නරකයි...මාව දාලා ගියා නේද..අනේ "

සයනි නැගිට යුගාන්ගේ පපුතුර සිපගෙන සිපගෙන ගියෙ අසිහියෙන් මෙනි...යුගාන්ට පුදුමය..තමා ඉස්සරහා ලැජ්ජාවෙන් ඇඹරෙන ඇය මෙලෙස තමාව වැළඳගනිමින් තමාව සිපගැනීම...

"සයනි...තමුසේ මොකද මේ...අහ්...කෝ බලනවා මූණ...අහ්....ඕයි මේ මොකද මූණ ඉඳිමිලා...සයනි...කෝ..කෝ..ඔලුව උස්සනවා තමුසේ..දැන් මොකද තමුසේ මෙහෙම අහ්...මූණ ඉදිමිලා කියන්නේ තමුසේ අඩලා තියනවානේ..ඔව් අඩපු නිසා නේ මෙතම ඔලුව ගහගෙන එහෙම හිටියේ..එතකොට මේ මං ආවාම නිකන් මරණෙන් නැගිටලා ආපු එකෙක්ව පිලිගන්නවා වගේ ...මොකෝ උනේ තමුසේව කවුරු හරි බය කරාද අහ්...මගේ දිහා බලන් කියනවා සයනි..."

යුගාන් සයනිගෙ මුහුණ දෝතටම රැගෙන අසන්නේ කුතුහලයෙනි..ඇරත් යුගාන්ට දැනෙනුයේ කෝපයකි..කිසිදිනක සයනිගේ කඳුළු දැකීමට නම් යුගාන් කැමතිම නැත...

සයනිට දීමට පිලිතුරක් නැත..තමාට සත්‍ය පැවසූවොත් යුගාන් කෙසේ හැසිරේදෝ සිතා ගත නොහැක..ඇරත් නිහාල් යනු දුශ්ට මිනිසෙකු බව ඈ හොඳාකරවම දනි...යුගාන්ට සත්‍ය පැවසිය යුතුයි කියා සිතුවත් එය ආයාසයෙන් මැඩගත්තේ තම සීයාගේ මෙන්ම යුගාන්ගෙ ජීවිතය ගැන සිතමිනි....

යුගාන් සිටියේ සයනිගෙන් පිලිතුරක් අපේක්ශාවෙන් වුවත් සයනි  පිලිතුරක් නොදීම යුගාන්ගේ කෝපයට හේතුවිය...

"ඕයි සයනි.තමුසේගේන් මං දෙයක් ඇහුවා නේද..තමුසේ දන්නවනේ මං දෙපාරක් දෙයක් අහන් නෑ කියලා..යකෝ අවුස්සන් නැතුව කියනවා තමුසේ මේ උදේ පානදර ටැප් එක ඇරගෙන ඉන්න හේතුව...ඇයි අද මීටින් එකේදි මොකෙක් හරි එකෙක්මොනා හරි කිව්වද අහ්..."

කෝපයෙ ගිනිජාලා ඇස් වලින් පිට වන තරමටම යුගාන්ගේ දෑස් රක්ත වර්ණයට හැරී ඇත...සයනි මින් පෙර කිසි දිනක යුගාන් මෙලෙස කෝපයෙන් තමා හට කෑගසා නැත..ඔහුගේ මේ කෝපය තම කඳුළු නිසා බව නම් ඈ හොඳින්ම දනි...සයනිට යුගාන් කෙරෙහි ආදරය මෙන්ම ඔහු කෙරෙහි අප්‍රමාණ වූ අනුකම්පාවක්ද දැනෙන්නට විය...

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ