💗නොපැතූ හැඟුමක්💗
❤25 කොටස ❤
"සැක් එතකොට තාම යුගාන් සයනිට ටෝක් කරලා නැද්ද...මුගේ හිතේ එහෙනම් තියෙන්නේ මේ සීන් එක..ශෙහාන්ව ලංකාවට ගෙන්න ගත්තොත් ප්ලෑනක් ගහලා ශෙහාන්ට පුලුවන් වෙයි යුගානයට කලින් සෙට්වෙන්න.මොකෝ පොඩි කාලේ යාලුවනේ..කෙල්ලටත් ශෙහාන්ව මතක ඇති නේ..මොකද මං කරන්නේ ශෙහානයාව අමතලා මූව කොහොම හරි මෙහෙට ගෙන්න ගන්නවද...ම්ම්ම්ම්..බලමු රුමාල්ටත් කියලා...මූගේ මේ ප්රශ්න විසඳන්න ගිහින් කවදා හරි මට මගේ ලව් එකත් නැති වෙයි...ඇයි එකෙක්ගේ ලවක් කඩන්නමනේ හිතෙන්නේ මූ හන්දා...ඒත් ඉතින් පොඩි කාලේ ඉඳන් යාලුවා මං කොහොමද ඌගේ පැත්ත නොගන්නේ...දෙවියනේ මට සමාවෙයන්..."
අංජන තමාටම කියාගත්තේ දුරකතනයෙන් ශෙහාන්ව අමතන අතරයි.
❤❤❤❤❤❤❤❤❤❤❤
දිගු සුදු පැහැ ගවුමට සයනීගේ අහිංසක පෙනුම තව තවත් ඔප් නැංවී පෙනිණි..කැඩපතින් පෙනෙන තම රූපය දෙස සයනි බලා සිටියේ ආසාවෙනි...නිවුණු ලස්සන චාම් බවක්.සැබැවින්ම සිත් නිවන ලස්සනක් සයනිට තිබිණි...ඇයට තමා ගැනම සියුම් ආශාවක් ඇති උනේ මේ මොහොතෙයි...මෙතුවක් වෙලා තමාටම වෛරකරගනිමින් සිටි ඇයට ඇය ගැන කුඩා අභිමානයක් දැනිණ..
"සර් හරි ලස්සනට ඇඳුම් තෝරන්න දන්නවානේ..මගේ සයිස් එකටම ඒ ගාණටම තෝරලා අඩුත් නෑ වැඩිත් නෑ...මං තේරුවත් මට මෙහෙම තෝරන්න බෑ...අනේ මන්දා හරිම අමුතුයි..."
කොණ්ඩය පිටුපසට කර කුඩා කට්ටක් රඳ්වමින් ඇයටම පවස ගත්තේ බාතෲමයෙන් පිටතට එන්න අඩිය තියමින්...සයනි බාතෲමයෙන් පිටතට පැමිණෙන විටත් යුගාන් කැබිනයේ මේසයක් මතට බර දී දුරකතනය පිරික්සමින් සිටියේය....ඉතා සෙමෙන් අඩි තබමින් පියනගන සයනීගේ සුවඳ දැනුණ වහාම යුගාන් හැරී බැලුවේ බාතෲමයේ දොර දෙසටයි....යුගාන් බර දී සිටි මේසයෙන් මිදී ඇසපිය සළන්නටත් අමතක වී ඇති ලෙසක ඔහු බලා සිටින්නේ තමා ඉදිරියට පැමිණෙන සයනීගේ අහිංසක දෙනෙත් දෙසයි...යුගාන් මොහොතක් ඇය දෙස ඇසි පිය නොහෙළා බලා සිටියා..ඔව් ඔහුට සිතුණෙම තමා මේ ලොව දකින ලස්සනම තරුණිය ඉදිරියේ බවයි..
ВИ ЧИТАЄТЕ
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Романтикаසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...