හතලිස් නවය

228 30 0
                                    


ශෙහාන්ගේ දෑසින් පෙනෙන්නේ යුගාන් කෙරෙහි ඔහු තුල ඇති සහෝදරත්වයමයි...නමුත්.....

"අයියේ..."

"අනේ අයියේ..යුගාන් අයියාට කිව්වොත් එයා නිහාල්ට කරදරයක් කරයිද...නිහාල් මහා නරක මනුස්සයෙක්.එයා එක්ක හැප්පෙන්න බෑ..මට බයම ඒකයි ...ඔයාට පුලුවන්ද යුගාන් අයියාව මේ දේවල් වලට ඉන්වෝල්ව් නොකර එයාට මේ ගැන කියන්න...පුලුවන් නේද අයියේ..."

මෙතෙක් වෙලා අසුන්ගෙන සිටි ශෙහාන් ඉකිබිදිමින් හඬන සයනි ඉදිරියට පැමිණ මේසය මතින් හිඳ ගත්තේ සයනිගේ මුවට එබෙමින්...තමා ප්‍රේම කරන යුවතිය මැයම ද  බව ශෙහාන්ට වටහාගන්නට නොහැක්කේ මන්ද යැයි ශෙහාන් සිතන්නට විය..සයනි ඉදිරියේ තමාට ඇය ගැන විෂේශත්වයක් දැනුනත් ඇය අසල නැති විට තමාට සයනි යනු සයූ නොවන බව දැනෙන්නේ මන්දැයි සිතා ගත නොහැකිය..සයනිගේ දෑස් ඉදිරියේ ශෙහාන් දැන් දැන් තම සිත කුමක්දෝ දෙයක් බලාපොරොත්තු වන බව ශෙහාන්ට සිතන මුත් සියල්ලා ආයාසයෙන් මැඩගෙන සිටින්නේ සයනි යුගාන්ගේ බැව් හොඳින්ම ශෙහාන් දන්නා නිසයි...

"මේ අහන්න සයනි...මගේ එකා මහ ලොකුවට ජිම් ගිහින් ඇඟ හදාගත්තට,භාගෙට මැරයෝ වගේ රඟපෑවට ඌගේ ඇතුලේ ඉන්නේ හෙනම සංවේදී චරිතයක්...ඌට දේවල් දරාගන්න බෑ ඒකයි හැම එකටම පුප්පන්නේ ...ම්ම්ම්ම්..අද යුගාන් වැඩට ආවොත් හරි අපි දෙන්නාම මේක හෙමින් සැරේ පහදලා දෙමු...නැත්නම් අපිට සනුජ්ගේ ක්ලබ් එකට යන්න වෙනවා..මේ දවස් වල ඌගේ ගෙදර ඒකනේ..ම්ම්ම්...අපි වෙන්න ඕන ටිකත් කියමු..නැත්නම් ඌ විඳෝනවා කෙල්ල...මට බලං ඉන්න බෑ..මං ඌගෙ අයියානේ..."

ශෙහාන් එසේ කියමින් සයනිගේ හිස මත තම දකුණත තිබ්බේ අතීතයේ සයූ සමඟ රණ්ඩූ වී හඬනා විට තම එක ස්පර්ශයකින් පවා මෙල්ල වූ සයූව නැවත දකින්නයි...

"එහෙනම් මට පොරොන්දු වෙනවද අයියේ...මේ හැමදෙයක්ම  ආය හරි විදියටම ආය හරි ගස්සනවා කියලා...අනේ ප්ලීස් අයියේ ..එයා මාත් එක්ක ආය තරහා වෙන එකක් නෑනේද..කියන්නකෝ තරහා වෙයිද.ඔයා ප්‍රොමිස් වෙනවා නේද.."

තම හිස මතවූ ශෙහාන්ගේ දකුණත තම දෑතින් ගෙන ශෙහාන්ගේ වමතත් තම දෝතට ගෙන සයනි අසන්නේ හඬමිනි...තම දෙඅත දෝතට දරා ගුලි කොට හඬනා සයනි ඉදිරියේ තමා ගොලු වී ඇති සෙයකි..තවමත් සයනි යනු සයූ නොවන බව කියන්නේ තම සිතම පමණකි..ඒ හැර සියලුම සාධක ඇත්තේ සයනි යනු සයූ බව කීමටම පමණකි..තමා වසර ගණනක් තම සිත තුල සඟවාගෙන ආ ඒ ආදරය සයනි නම් තමා කුමක් කරන්නද..සහෝදාරත්වයේ නාමයෙන් තමාට තම ආදරය මිහිදන් කරන්නට සිදුවනවා නොවේද..ඇරත් තමා ඉදිරියේ සයනි මෙන්ම යුගාන්ද දෙදෙනාට දෙදෙනා බොහෝ ප්‍රේම කරනවා යනුවෙන් සිතීම පවා ශෙහාන්ගේ සිතට මේ තරම්  යම් රිදුමක් එක් කලේ පලමු වතාවටයි.ඒ රිදුම ශරීරයේ සෛලයක් සෛලයක් පාසා ගමන් කරේ පෙරදා තමාට දැනුණ යම්  සෙයක්ද ඊටත් වැඩියෙනි...නමුත් තමා හට තම ලෙයට ද්‍රෝහී විය නොහැක..ඉඳින් සයනි යනූ සයූම බව වරක් හෝ තහවුරු වුවහොත් හිත හාදගන්නවා හැර වෙන කුමක් කරන්නද යන්න සිතමින්ම දිගු සුසුමක් හෙළුවේ තම අතක් ඇයගෙන් මුදාගෙන නැවතත් ඇයගේ හිස මතින් අත තබා සියුම්ව පිරිමදිමින්..ශෙහාන්ට සිතන්නටවත් වෙලාවක් ඉතිරි නොකරමින් අනපේක්ශිතව සයනි ශෙහාන්ගේ පපුව මත හිස හොවා ගත්තේ ශෙහාන්ව තරමක් ගස්සමින්...දැනෙන අප්‍රමාණ වේදනාව නිසාමත්,තමා නිසා ලස්සන පවුලකට අත්ව ඇති ඉරණම නිසා තමාගේ හිතටම තරවටු කරගන්නා සයනිට ශෙහාන් ඉදිරියේ දැනෙන්නේ තම සහෝදරයෙකුගේ සුසුමම පමණකි.ඉඳින් අල්පමත්‍රයකදු සිතෙහි වැරදි චේතනාවෙන් නොවෙයි සයනි ශෙහාන්ගේ පපුව මත හඬන්නට වූයේ..ශෙහාන් වුවද ඇයට සිත්සේ හඬන්නට ඉඩ දී බලා සිටියේ ඇයගේ ඉරියව්වට කිසිඳු බාධාවක් නොවන ලෙසයි..නමුත් ඇයගේ ශරීරයේ කිසිඳු තැනක් ස්පර්ශ නොකිරීමට තරම් ශෙහාන් වග බලා ගත්තා....ඒ තවමත් ඔහු ඇයට හුදෙක් සහෝදරයෙක්ම පමණක්ද යන්න කාරණය ඔහුටම තෝරාගැනීම නොහැකි නිසා..

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Место, где живут истории. Откройте их для себя