❤නොපැතූ හැඟුමක්❤
🎀13 කොටස🎀
"මේ හලෝ...තමුසේ මෙතනට ආවේ මෙතන ඉන්න එක එකාට ෆ්‍රී ශෝ පෙන්වන්නද අහ්...."
යුගාන් කාර්‍යාල කාමරයට පැමිණි විගසම සයනීට කඩාපැන්නේ මහා වරදක් කළ අයෙක්ට බනින ආකාරයටයි...නමුත් සයනීට නම් කිසිත් තේරුණේ නැත...ඇය ඔහුගේ හඬට බිය වී පුටුවෙන් නැඟිටුනේ ඇයද නොදැනුවත්වයි...
"ස..සර්...."
"ඔව් සර් තමයි ඇයි මොකද...තමුසේ දැන් කාගෙන් අහලද ඔහොම ඇඳන් ආවේ අහ්...ඔෆිස් එකකට එන්න පිළිවෙළක් තියනවා...තමුසේට ඒක මං කියලා දෙන්න ඕනද...මඟුල ආයේ ඔය විදියට ෆ්‍රී ශෝ පෙන්වගෙන මෙහේ අවොත් තල්ලු කරනවා දැනගන්නවා උඩම තට්ටුවට ගිහින්...."
යුගාන් කිවේ තම පුටුවට බරවෙමිනුයි....
නමුත් සයනි නම් තවමත් බලා සිටින්නේ ඔහු බැන වැදුනෙ කුමකටද යන්නයි....ඇය නිහඬව බිම බලා සිටියා විනා වචනයකදු කතා කරන්නට ගියේ නැත....
"මොකද තමුන් ගොළු වෙලා...ලැජ්ජ වෙනවා ,මගෙන් බැනුම් අහන්න නෙමේ එක එකා තමුසේ දිහා කන්න වගේ බලනකොට....ශිට් මුන්ට අඳින්න ඕන විදියත් කියලා දෙන්න වෙලානේ...මඟුල...."
"මේ මොකද මේ සර් මට බනින්නේ....එයාමනේ ඊයේ මට කිව්වේ ෆ්‍රොක් එකක් ඇඳන් එන්න කියලා...ඒත් දැන් ඇයි මේ මෙහෙම....ඕන තරම් අය ඇදන් එන්නේ ෆ්‍රොක්...මෙයා කියන්නේ මේක කොට වැඩි කියලාද...ඒත් අෆ්ෆා මීට වඩා කොට ඇඳුම් ඇඳන් එන්නේ මෙහේ අය....සර්ට අමතකද දන් නෑ...ඊයේ මට කැශුවල් ඇඳන් එන්න කිව්වා කියලා....මතක් කරානම් හරි"
යුගාන් නැවතත් සැරින් කතාකරන දෙස බලා සිටියේ සිතින් මුමුණමිනි...
"සර්....ඔයානේ ඊයේ මට කිව්වේ අද ඕන ඇඳුමක් ඇඳන් එන්න කියලා...ඒකයි මං මෙහෙම....."
"අහ් තමුසේ මං ඕනම ඇඳුමක් ඇඳන් එන්න කිව්වා කියලා හෙට ස්විමින් කිට් එකක් උනත් ඇඳන් එනවද....ඕයී මේක ඔෆිස් එකක් අනික තමුසේ මගේ ඇසිස්ටන්...අයේ එනකොට දිගට ඇඳන් එනව...නෑ තමුසේ ආය එනකොට සාරිම ඇඳන් එනවා..දැන් යනවා..දහයට මාත් එක්ක හොටෙල් එකට යන්න ඕන...ඕන ෆයිල්ස් ටික අංජන අරං එයි තමුසේ යන්න ඕන නෑ එලියට....එක එකාට නැත්නම්..."
STAI LEGGENDO
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Storie d'amoreසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...