දහහතර වන කොටස

318 35 0
                                    

❤නොපැතූ හැඟුමක්❤

🎀14 කොටස🎀

යුගානුත් සයනීත් පැය භාගයක පමණ ගමනකින් පසු පැමිණීයේ රෝයල් ඩයනා හෝටල් සංකිර්ණයටයි...ලංකාවේ ප්‍රධානම තරු පංතියේ හෝටලයක් වූ මෙය කලක් සම්පූර්ණයෙන්ම පාලනය වූයේ ශෙහාන් අතින්...සයනී මෙවැනි අති සුඛෝපභෝගී ධනපති පංතිය සඳහාම වෙන්වූ මෙවැනී හෝටල් පරිශ්‍රයකට පැමිණී ප්‍රථම වතාව වේ...ඇයට මුලදී සිතා ගැනීමටවත් නොහැකී වූයේ ඇය මින් පෙර බලාපොරොත්තු නොවූ තරම් අලංකෘත හා තේජාන්විත බවක් හෝටලය තුළින් දිස්වීමයි....

"හරි ඇසි නෝනා...හෙමින් සැරේ බහින්න...."

තමා දොර විවෘත කරන්නටත් මත්තෙන් සේවකයෙක් පැමිණ මෝටර් රථයේ දොර විවර කළේ සයනී පුදුමයෙන් මෙන් බලාහිදිදීය...

"මෙච්චර ලොකු හෝටලේක අයිතිකාරයෙක්....දෙවියනේ....මං කව්ද මෙ සර් එක්ක බලද්දි...එයා බහිනකොට එයාට සැලුට් ගහන්න අයත් ඉන්නවා...දොර අරින්න අයත් ඉන්නවා..ඇයි කුඩංඅප්පච්චිට මාව මේ තරම් ලොකු අමාරුවක දාන්න ඕන උනේ...මේ සර් එක්ක බලනකොට මගේ ඇති දේ මොකක්ද ....

සයනී කාරයෙන් බැස මඳක් නැවති සිතන්නට විය....

"එයි ඇසී...මොනවද ඔතනට වෙලා කල්පනා කරන්නේ....ම්ම්ම්.....මෙන්න මෙහේ එනවා..."

යුගානුත් සයනීත් හැඳ සිටියේ එකම වර්ණයේ ඇඟලුම්ය...දෙදෙනා දුටු විට ඕනෑම අයෙකුට සිතෙන්නේ ඔවුන් ආදරවන්තයන් ලෙසයි....යුගාන්ගේ කඩවසම් බවට නොදෙවෙනි සයනීගේ සුන්දරත්වයත් නිසා ඔවුන් මනාවට කැපෙන දෙපළක් සේ දුටු ඕනෑම අයෙකුට සිතීම අරුමයක් නොවේ...

"අහ් චූටි මහත්තයා හුඟ දවසකින් නේ....ශෙහාන් මහත්තයා කියලා ගියේ චුටි මහත්තයා එනවා කියලා....ම්ම්ම්ම්ම්.....මේ නෝනා ....අහ්....අපේ චූටී මහත්තයාගේ නෝනා වෙන්න ඇති නේද හරිම ලස්සන ජෝඩුව...."

පියසෝම පැවසුවේ යුගාන්ට පිටුපසින් සිටින අහිංසකාවිය දෙස බලමිනුයි..

"නෝනා කියලා කිව්වේ පියසෝමට කවුරු හරි කිව්වද පොඩි මහත්තයා හොරෙන් මැරි කරා කියලා අහ්...."

"අනේ නෑ චුටී මහත්තයා...මගේ කටට කියවුණා ඉතින් දන් නැද්ද...ශෙහාන් සර් ඉන්නකන්ම මං කිව්වේ කවද්ද මේකට ඉක්මණට නෝනා කෙනෙක් ගේන්නේ කියලා....ලොකු මහත්තයට කළින් ඉතින් පොඩි මහත්තයා නෝනා කෙනෙක් එක්කන් ආව හන්දා මට සතුටු හිතුණා මහත්තයා.....මේ අපේ එහෙනම් චූටි මහත්තයාගේ ගෑණූ ළමයා වෙන්න ඇති  නේද..."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora