❤නොපැතූ හැඟුමක්❤
4 කොටස
"බොස් මොකද කියන්නේ....ඒ ගර්ල්ට දෙන්න අපි ගාව වේකන්සීස් නෑ...බට් ඒ ගර්ල් ඉන්න තත්ත්වය එක්ක අපිට මොකක්ම හරි පොසිශන් එකක් දෙන්න බැරිවෙයිද බොස්..."
අංජන ඇසූවේ සයනී කෙරෙහි ඇති වූ අනුකම්පාවෙනී..
"මොකක් පිස්සුද අයිසේ....මොන විහිළුද මෙව්වා....දුක කිව්වා කියලා අපි ඒකිට පෝස්ට් එකක් දෙන්න ඕනෑ....අනික අංජන ඔය අනුකම්පාව ඒ කෙල්ලගේ තත්ත්වේ හන්දා නෙමේ රූපේ හන්දානේ...නැත්නම් අර පාරේ යන මිනිස්සුන්වත් අඬගහලා ජොබ් දියන්කෝ....."
යුගාන් පැවසූවේ තරමක් කෝපයෙනී....නමුත් ගිවන්ත හැර අනික් සිව් දෙනා නම් පුදුමයෙන් මෙන් බලා සිටියේ යුගාන් දෙසයි...මන්ද යත් මින් පෙර යුගාන් ගේ පියා ශාලුකවත් සහෝදර ශෙහාන්වත් මෙලෙස සුළු දෙයකට කෝප ගන්නේ නැති බැවිනි...නමුත් අංජන නම් ඔහුගේ වදන් අනුමත නොකර ඔහුගේ හඬට පිළිතුරු දීමට ඉදිරිපත් විණි...
"නෑ බොස් මේකයි අපේ ලොකු බොසුයි පොඩි බොසුයි ඉන්ටර්වීව් කරනකොට හුඟක් වෙලාවට කරන්නේ ගොඩක් අසරණ අයට තැන දෙන්න බලන එක ....මොකද ඒ මිනිස්සුත් කවදාහරි ජීවිතේ ගොඩ එන්න ඕන කියන මතෙයි ඒ දෙන්න දැරුවෙ...අනික සර් ශෙහාන් බොස් එහෙම කොලිෆිකේශන් අඩු අය පවා ජොයින් කරගෙන පස්සේ එයාලට ට්‍රේනින් දීලා එයාලාව හදලා ගන්නවා...ඒ වගේම ඒ මිනිස්සුත් මේ කම්පැනියට පණ ඇරලා...මං හිතන් නෑ මේ කම්පැනියේ කවුරුත් කම්පැනියට බනිනවා කියලා...මොකද ලොකු සර්ලා දෙන්නා මේ මිනිස්සුන්ට දෙන දේවල් එයලා හොදාකාරවම දන්නවා.....අනික මේ කම්පැනිය මේ විදියට ලංකාවේ විතරක් නෙමේ ලෝකෙන ප්‍රසිද්ධ වෙන්නත් ඒ සර්ලා දෙන්නාගේ හිත හොඳකම බලපෑවා...ඒ වගේම ඒ මිනිස්සු කම්පැනියට උපරිමේ දෙනවා....."
අංජන පැවසූවේ සැබෑවකී...අංජනගේ මඟ යමින් තෙනුවරද තම හඬ අවදි කලේය..
"සර් අපිට වෙනම ස්ටාෆ් එකක් ඉන්නවා අලුතින් එන අය ට්‍රේන් කරන්න....සර්ගේ ඩිසිශන් එක මොකක්ද"
යුගාන්ට දැණුනේ යම්කිසි ලැජ්ජා සහගත බවකි..ගිවන්තද සිටියේ යුගාන් කෙළෙස නව ජීවිතයට අනුවර්තනය වේ දැයි සැකෙනි....ගිවන්ත අංජනගේ කතාව අතරවාරයේ කිහිපවිටක්ම යුගාන්ට පාදයෙන් තට්ටු දැම්මේ ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වීමත් නීරීක්ශනය කරමිනි..
ESTÁS LEYENDO
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...