තිහ කොටස

278 33 0
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗30 කොටස💗

"නිහාල් බොස් ..සෝමේ කතා කරනවා බොස්..ඌ බය වෙලා වගේ ඉන්නේ...බලන්න ඉක්මනට"

"යකෝ සෝමයද කෝ දීපන් මෙච්චර දවස් මොන දීපන්කරයකද හැංඟිලා හිටියේ බලන්න..."

නිහාල් ජීනේ අතින් දුරකතනය උදුරාගත්තේ කලබලයෙනි...මෙතෙක් දවසක් සෝමේ නම් පුද්ගලායාගේ අතුරුදහන් වීම පිලිඹද ඔහු තැකීමක් නොකරන බව පෙන්වමින් සිටියත් නිහාල් සැබැවින්ම ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳව සිටියේ බියෙනි..

"සෝමේ කොහෙද පරයෝ තෝ අතුරුදහන්  වෙලා හිටියේ....තෝ මොන ගුබ්බෑයමේද පදිංචි වෙලා ඉදියේ...බල්* කතාකරපන්..."

දුරකථනයේ අනික් පසින් කතා කලේ වෙන කවුරුවත් නොව මීට දෙසතියකට පමණ පෙර යුගාන් ගේ පිරිස භාරයට පත් වූ යුගාන්ගේ පියාගේ අනතුර පිටුපස සිටින පුද්ගලයායි.යුගාන් ගේ පිරිස විසින් ඔහුව මුදාහැරියේ අන්කිසිවක් නිසා නොව මොහුගෙන් කොතෙක් ප්‍රශ්න කළද පිලිතුරක් ගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඔවුන්ගේ අරමුණ වුයේ පුද්ගලයාව මුදාහැර ඔහු පසුපසින් ගොස් ඔහු පිටුපස සිටින අදිසි හස්තය සොයා ගැනීමයි..

"නිහාල් බොස් ...මාව යක්කු ටිකක් කුදලන් ගියා බොස් මං හිතුවෙම මගේ අවසානේ කියලා..අනේ බොස් උන් මාව අතැරියට උන් මටයි දරුවටයි....."

ඔහු වචන ටික අහවර කරන්නත් කලින්ම නිහාල්ගෙන් පැනයකි..

"මොනවා උඹව මොකාද බොල ඉස්සුවේ..යකෝ නිහාල්ගේ මිනිහෙක්ව උස්සලා උගෙන් වචන ගන්න තරම් කව්ද ඉන්න මහඋන්දෑ...සෝමේ කියහන් උන් උන් මොනවද උඹෙන් ඇහුවේ..."

"බොස් උන් මාර වසවර්ති කොල්ලෝ ටික බොස්..යක්කු ටිකක්..ඉටිරූප වගේ කොල්ලෝ ටික..හොඳටම සල්ලි භාගේ තියන උන් බොස්..ඔව් ඉතින් උන්ට සල්ලි තියනවනේ ඒත් මං කටින් එක කෙල බිඳුවක්වත් හෙලුවෙ නෑ නිහාල් බොස් අම්මපා..."

"යකෝ උන්ගේ රූපේ ගැන නෙමෙයි තොගෙන් ඇහුවේ කවුද ඒ.උඹව අරං ගිහින් මොනවද උඹෙන් ඇහුවේ කියපන් වටේ යන් නැතුව...."

නිහාල්ගේ කෝපය දෙගුණ වී ඇති හැඩකි..නිහාල් කේන්තියෙන් ගෙරවූයේ අවට සිටි පිරිසද ඔහු දෙස භීතියෙන් බලා සිටියදිමයි...

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora