තිස් හත කොටස

228 28 0
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗37 කොටස 💗

"දෙවියනේ මේ මේ ෆොටෝ එක..මේ එදා අංජන පියසෝමගෙන්...ඒකද මේ...මෙතන මං නේ ඉන්නේ...මූණ පේන්නෙ නැති උනාට මෙතන ඉන්නේ මං ම තමයි..වේට්. වේට් ශෙහාන්...වී විල් සී..."

ශෙහාන් පොත ඇතුලෙහි වූ ඡායාරූපය ගෙන ක්ශණිකවම තම ජංගම දුරකථනයේ වූ අංජන පෙරදාක එවූ ඒ කුඩා කල ඡායාරූපය හා සසඳන්නට විය...

"ඕහ් ගෝඩ්...දෙවියනේ...මේ පොටෝ එකම තමයි...බට් ඒක කොහොමද මේ පොත අස්සට ආවෙ..අපේ ගෙදර මේ පොටෝ එක තිබුණාවත්ද...නෑ...තිබ්බේ නෑනේ අප්පා..කොහොමද මෙක මෙතනට ආවේ...ශිට්...එර්ර්...ලයිෆ් එකත් ආතල් ගන්නේ මගෙන්මනේ..ශික්..."

ශෙහාන්ට ඡායාරූපය එම පොත තුලට ආ ආකාරය නිමානය කරන්නටවත් ඔහු හට සංසුන් මනසක් නම් තිබුණේම නැත...සයනිව දුටු වේලාවේ පටන්ම ඇයවම තම මනසේ හොල්මන් කරන්නට වූවේය  ...චායාරූපය එම පුස්තකය තුලට පැමිණීයේ කෙසේද යන්න දැනගන්නටනම් ශෙහාන්ට මහත් උවමනාවක් විය...

"අඩේ අයියා මචං ...තමුසේව දැක්ක කල් ඕයි...කොල්ලා සස්සන වෙලාද මන්දා..ස්විස් කෑල්ලක් වත් ටෝක් කරේ නැද්ද ඒයී..."

යුගාන්ගේ ඇඳෙහි කොනකින් වාඩි වී සිටි ශෙහාන්ගේ කරවටා අතක් දමා ගනිමින් යුගාන් පැවසූවේ ඉතා ලෙංගතුකමිනි..යුගාන් සයනීවත් මාලබේ පිහිටි ඇයගේ නිවසට ඇරලවා විගසම නිවසට පැමිණියේ තම පියා හා සහෝදරයාව බැලීමේ උවමනාව පෙරදැරි කරගෙනයි...පෙරදින තමා ප්‍රසංගයද මඟහැර සයනි සමඟ කල් ගෙවීමත්,තමාගේ නොපැමිණීම නිවැසියන්ට දැනුම් දීමට නොහැකිවිම ගැන පසුතැවීමකුත් යුගාන්ට විය..එබැවින් අද දිනයම තම නිවැසියන් හා ගත කිරීමට යුගාන් ඉටා ගත්තේය..

"පලයන් බූරූවා යන්න...තෝ ඊයේ කොහෙද ගියේ..අන්න අම්මයි තාත්තායි එකසිය විස්සට අබ පුපුරනවා..යන තැනකකියලා පලයන් යකෝ...තෝ නම් හැදෙන්නේම නෑ..පරයා..."

"හරි හරි ඕයි කෑගහන්න එපා.පොඩ්ඩක් සේප්මන්ට් එකක් දාගන්න බලන්න ඕන...බැන්නොත් මාව බේරගනින් ඈ...මං ගිහින් බලලා එන්නම් පියරජතුමාව...ම්ම්ම්...කපල් එක ලව් කරනවාද දන් නෑ නේ..."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Donde viven las historias. Descúbrelo ahora