❤නොපැතූ හැඟුමක්❤
12 කොටස
ශෙහාන් නොකඩවා බීමතින් ගෙවන සිව්වෙනි දවසයි මේ ගෙවෙන්නේ...වෙනදා කිසිදු හේතුවක් මත පමණට වඩා මත්පැන් භාවිතයක් නොතිබුණු ශෙහාන් හිටි හැටියේ වෙනස් වූයේ තම හැඟීම් සමඟ සෙල්ලම් කිරීමට ඔහුට තවත් නොහැකී වීම නිසයි....වෙනදාට යුගාන් බීමතින් නිවෙසට පැමිණිය විට යුගාන්ට බැණවැදීමට මුලසුන ගන්නේ ශෙහාන් ය..නමුත් මේ දින කිහිපයට ඔහු වෙනස් වී ඇත්තේ සිතා ගත නොහැකි පරිදියි......
දින ගණනාවක් මුළුල්ලේ දිනපතා උදෑසනට ශෙහාන්ගේ කාමරයෙන් එළියට පැමිණෙන බීර බෝතල් ගණන වැඩි වෙන සැටි ශාලුක බලා සිටියේ පුදුමය මිශ්‍ර දුක් මුසු හැඟීමෙනි..ඔහු දැනුවත්ව ශෙහාන්ගේ ජීවිතයේ කිසිදු ගැටලුවක් මේ වන තෙක් තිබුණේ නැත....නමුත් විවාහය හා ආදරය යන තැනදී ශෙහාන් එය මඟ අරින බවක් ශාලුකටත් නයෝමිටත් දනුනේ අද ඊයෙක පමණක් නොවේ...ශෙහාන්ගේ මව නයෝමි දිනක් ශාලුක ට පැවසුවේ ශෙහාන්ගේ ආදර සම්බන්ධයක් බිඳ වැටීම නිසා මෙලෙස ඔහු විවාහයට අදි මදි කරන බව වුවද එය පැහැදිලි සත්‍ය නොවේ ....ශෙහාන් තම හැඟීම් තමා තුළම සිර කරගෙන සිටිනවා විනා යුගාන්ට හෝ මේ වන තෙක් පවසන්නට ගියේ නැත....
බියර් බෝතල් වැටෙන ශබ්දය ශාලුක අසා සිටියේ දුකිනි...මෙතරම් කීකරු දරුවෙක්ගේ හදිසි වෙනස් වීමට මුල ඔහු විවාහය ගැන ශෙහාන් සමඟ පැවසීම බවම ඔහුට තේරුම් ගියේය....තවත් පමා නොකර ඔහු ශෙහාන්ව හමු වීමට කාමරය තුළට ගියේ තම වචන නිසා සිත් තැවුලට පත් වී සිටින ශෙහාන් සමඟ කතා කිරීමටයි.....
සුඛෝපභෝගී සයනයක් මත උඩු කය නිරුවත්ව අතෙකින් බීර බෝතලයක්ද දරා සෙමින් සෙමින් තමාටම මුමුණමින් සිටින ශෙහාන්ව දුටු ශාලුකට මුලින් දුකක් දැනුනද පසුව ඔහුට ඔහු දැක සියුම් ආඩම්බරයක්ද දැනිණි....එයට හේතුව වූයේ ශේහාන් යනු වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් තරුණයෙක් වීමයි....මනාවට නඩත්තු කරන ලද කිරිගරුඬ පැහැ ශරීරයත් මනාවට සැකසූ හිසකේ හා රැවුලත් ඔහුට එක් කළේ ගාම්භීර බවකි....ශෙහාන්ගේ මව සැමවිටම තම අතිශය කඩවසම් පුතුන් දෙදෙනා ගැන ඉහළින් වර්ණනා කරනු ශාලුකට මැවී පෙනිණි...කඩවසම් බව මෙන්ම පෞරුෂය හා හැසිරීම අතින් ද ශෙහාන් සිටියේ ඉදිරියෙනී...එබැවින් ශාලුක ඔහු ගැන ආඩම්බර වීම වරදක්ද නොවේ...නමුත් හිටි හැටියේ ඔහුගේ වෙනස් වීමට හේතුනම් අනිවාර්යයෙන්ම සොයා ගත යුතු බව ශාලුක තරයේ අවධාරණය කරගත්තේය...
ESTÁS LEYENDO
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...