දහනවය කොටස

306 40 2
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗19 කොටස 💗

උපුටා ගැනීම තහනම්

"ඒයී මේ ඔලුව උස්සනවා...මෙහෙ බලනවා කෙළින්..."

යුගාන් කැබිනයට පැමිණෙන විට සයනී සිටියේ මේසයට ඔලුව ගසාගෙනයි...යුගාන්ගේ කටහඬටයි ඇය හිස ඔසවා බැලුවේ...

"ස...සර්...ගුඩ් මෝර්නින්"

සයනී සිටියේ හැඬුම් වලින්ම හෙම්බත්වීය...සයනීට ඍජුව යුගාන් දෙස බැලීමට නොහැකි අමුතු බයක් සිත තුළ හටගත්තේ තවමත් තම සුලු පියා කියූ දේවල් මනසේ දෝංකාර දුන් නිසයි..ඇය බිම බලාගෙනම යුගාන්ට පිළිතුරු සැපයූවේ ඒ දෑස් මඟ අරිමින්....

"තමුසේ නිදාගත්තද අහ්..මාර මහන්සී ඕයි ඊයේ.....මේ ඒයි ඔය මොකද මූණ එල්ලගෙන අහ්..තමුසේ මොකකට හරි ඇඬුවද අහ්...නැත්නම් මොකෙක් හරි එකෙක් කිව්වද තමුසේට මොනා හරි..."

යුගාන්ට වැඩි වේලාවක් යෑමට මත්තෙන් ඇයගේ වෙනස තේරිණී...ඔහු තම දෑස සයනීගෙන් අහකට නොගෙනම තම පුටුවට බර දුන්නේ ඇයගේ පිළිතුරු අපේක්ශාවෙනී..

"නෑ..නෑ සර්...එහෙම මුකුත් නෑ ..ඔලුව කැක්කුමයි...."

සයනීට පවසන්නට තිබුණේ එපමණකි...ඇය ඒ බව පවසා නැවත තම හිස බිමට නවා ගෙන පොලොවේ වූ ටයිල් කැට දෙස බලමින් උන්නේ යුගාන්ගේ දෑස් මඟ හැරිමටයි...

"ඔලුව කැක්කුමයි....ඔලුව කැක්කුම ගන්න ඕන ඔලුවක් තියන මිනිස්සුන්ට නේ...තමුසේට ඔලුවක් තියනවද අහ්...."

යුගාන් තම ආසනයෙන් නැගිට සයනී වෙතට එන ගමන් පැවසූවේය..නමුත් සයනීට නම් යුගාන්ගේ කීමේ හාස්‍ය රසයක් දැනුනේ නැත...ඒ වෙනුවට ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ තම සිතේ වූ කැළඹිලි ස්වභාවය පහව යන තෙක් නිදහසේ හඬන්නටය...නමුත් එයට දැන් වේලාව හෝ ස්ථානය නොවේ...

යුගාන් සෙමින් සෙමින් සයනී සමීපයට පැමිණ ඇයගේ නිකටෙන් සියුම්ව අල්ල ඇයගේ හිස උස් කළේ සයනීගේ දිගු දෑස් වල ගිලිමෙනුයි...නමුත් යුගාන්ට දැනුනේ සියුම් කෝපයකී..ඒ කෝපයෙන්ම සයනීගේ ඇඟට ගොඩ වූයේ සයනීගේ දෑස්වල වූ කඳුළුද අලුත් කරමිනි.

"තමුසේ අඬලා නේද ඕයි හොඳටම අහ්....බලනවා මං දැන් නේ දැක්කේ...ඕයී මෙච්චර මූණ ඉදිමෙන්න තරම් තමුසේ අඩන්න මොකක්ද හේතුව..අහ්.....මගේ අතින් ඊයේ තමුසේට ......නෑ නෑ...එහෙම උනේ....කියනවා ඕයි තමුසේගේ ඇස් දෙකත් ඉදිමිලා...මොන මඟුලක්ද උනේ....තමුසේ උදේ හොඳට හිටියා නේද එක පාරට තමුසේට මෙහෙම වෙන්න මොකක්ද උනේ කියපන් ඉතින් මගේ යකා අවුස්සන්නේ නැතිව.."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Where stories live. Discover now