💗නොපැතූ හැඟුමක්💗
💗31 කොටස💗
සයනි හවස්වරුවේ මෙන්ම රාත්‍රිය පුරාවටත් යුගාන්ගේ පපුතුර මත හිස තබා නිදන්නට වූයේ යුගාන්ගේ නම් නින්ද නැති කරමිනි..සයනි අසලදී යුගාන්ට නින්ද නම් යන්නේ නැත..යුගාන් කරන්නේම සුවට තම පපුව මත හිස හොවා නිදා සිටින සයනි දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමම පමණකි..ඔහු මුලු රෑ පුරාම සිදුකළේ එයයි..විටින් විට තම රළු අතැඟිලි සයනිගේ හිසකෙස් අතරින් ගියේ සයනි තව තවත් නින්දෙන්ම ඔහුට තුරුලු වෙන විටයි.එවිට යුගාන්ගේ මුවට සිනහවක් නැඟුනේ නිරායාසයෙනි..
"මේකි නම්....නින්දෙ ඉන්දිදිත් අවුස්සනවා පිස්සු මඟුල...තමුසේ තව ටික කාලයක් ඉවසනවා සයනි ළඟදීම මං තමුසේව මගේ කරගන්නවා..ඔව් ඉක්මණටම, එතකොට මට මෙහෙම නිදිමරාගෙන තමුසේ දිහා බලාගෙන විතරක් සැනහෙන්න ඕන නෑ....."
ඈ නින්දේ ඉද්දිම යුගාන් කීවේ ඇයගේ නලල්තලය මත සිපුමක් තබමින්...
රාත්‍රිය නිමා වී උදෑසන එළඹුනේ තීරණාත්මල දිනයක් උදාකරමින්..
"අයියේ....ගුඩ් මෝර්නින්...මොකද අනේ ඔහොම මා දිහා බලන් ඉන්නේ...දැන් ද ඔයා නැගිට්ටේ..."
සයනී සුරතල් ලෙස අතකින් ඇස් පොඩි කරමින් යුගාන්ගෙන් ඇසුවේ යුගාන්ගේ අවුල් වූ හිස කෙස් අනික් අතින් සකසන ගමන්..
"තමුසේ හිතනවද තමුසේ මං ළඟ ඉද්දි මට නින්ද යයි කියලා අහ්..නිදන් ඉන්නකොට නම් තමුසෙ මාර ලස්සනයි සයනි..අතාරින්න හිතෙන්නෙම නැ.."
යුගාන් කීවේ ඇයගේ නහය මිරිකමින්."ආ..ආව්ව්...රිදෙනවා අයියේ..හරිම හොඳ නෑ..ආය නම් ඔයා එහා කාමරේ නිදාගන්න ඇයි අප්ප නිදාගෙන නෑනේ ඇස් දෙකත් රතුවෙලා..පිස්සුද මන්දා..."
සයනී කීවේ මවාගත් කෝපයක් මුහුණට ආරූඪ කරගනිමින්..
"සයනි...."
මෙතෙක් වෙලා යුගාන්ගේ තිබූ කෙලිලොල් හඬ මැකී ගොස් අනුරාගී හඬකින් අමතන්නට වූයේ ඔහූගේ අතැඟිලි සයනිගේ කෙහෙරැළි අතරින් ද,දෙතොල් සයනිගේ මුහුණ මත තැවරෙද්දියි...
"අයියේ..."
සයනිද හඬ බාල කරමින් තව තවත් යුගාන්ට ලංවූයේ කවදත් ඔහුගේ තුරුලේ සැනසෙන්නට ඈ ආශා කල බැවිනි..ඇරත් යුගාන් යනු ඈ ඉදිරියේ මනා හික්මීමක් ඇති අයෙක් බවත් ඈ දනි..ඒ නිසාම ඔහුට ළං වීමට ඈ බිය වූයේ නැත..
KAMU SEDANG MEMBACA
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romansaසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...