"මචං යුගාන්...යකෝ..මේ මොකක්ද මේ කරගත්තේ...නැගිටහන් බල්ලෝ...ඕ ගෝඩ් ...බ්ලීඩ් වෙනවා නේද...ශික්...දැන් අර වසවර්තියෝ ටික ඇවිත් මාව කයි මං මූට ගැහුවා කියලා...වයි යුගාන් වයි...මොකද කරන්නේ...ගිවන්තයට කෝල් එකක් අරගෙන බලමු...."හොඳින්ම මත් වී සිටි යුගාන් අසුනෙන් නැගිටිනවාත් එක්කම අසල වූ කුඩා ටීපෝවක කකුල පැටලි වැටුනේ ඔහුගේ අතෙහි වූ මත්පැන් බෝතලයද ඒ එක්කම බිම වැටී ඒ මතටම යුගාන්ව වැටෙමිනි..වීදුරු කටු මත වැටුණු යුගාන්ගේ පපුතුර කැපී ඇත්තේ නොසෑහේන්න ලෙස ලේ වැගිරෙමිනි...නමුත් අධික ලෙස මත් වී සිටි යුගාන් ට නම් සිහියක් නොමැති තරම්ය...අසිහියෙන් ඒ බෝතල් කටු මතම දඟලන යුගාන් තව තවත් වීදුරු කටුවලට කැපී රුධිරය ගලා ගෙන ගියේ ඔහුගේ සිරුරත් කෙමෙන් කෙමෙන් අඩපණ වී සිහි මූර්ජා තත්ත්වයට පත් වන විටයි...
"ඕහ් ගෝඩ් යුගාන් නැගිටපන් ....ඕයි කතා කරපන් යුගාන් ...කතා කරපන්...."
යුගාන්ගේ කම්මුල් මතට ගසමින් සිහි ගැන්වීමට උත්සහ කරන අරෝශ පසුව ඔහුව ඔසවා ගෙන ගියේ ඔහුගේ සයනය මතටයි....
"සයනී....ස..සයනි....මාව...සයනි..මාව දාලා ......යන්න .....එප්..එපා.....ප්ලිස්..."
එක්වරම සිහිය පැමිණි යුගාන් අසිහියෙන් මෙන් වචන කිහිපයක් විමසුවේ අරොශට සැනසුම් සුසුමක් එක් කරමින්...
"අම්මෝ..උඹ මැරිලා නෑ එහෙනම්....තෑක්ස් ගෝඩ්....ඔහොමම ඉඳපන්...දැන් අරුන් එනවා ඇති..මට උඹව හොස්පිටල් එක්කන් යන්න බෑ බං තාත්තා මාව මරයි මීඩීයා කරයින්ට අහු උනොත්....සෝ ප්ලීස් යුගාන් ගිවන්තලා එනකන් පොඩ්ඩ අල්ලන් ඉඳපන්...ම්ම්ම්....මේ බ්ලීඩ් වෙන එක නවත්තන්න...ඕකේ..."
අරෝශ එසේ සිතමින් බෙඩ් ශීට් එකේ කොනක් ඉර යුගාන්ගේ උර හරහා කැපුනු පාරවල් හිර වන පරිදි වෙලුවේ තවමත් අවසානයක් නොමැතිව ගලම රුධිරය වැලැක්වීමටයි...නමුත් නොනවත්වාම ගලන රුධිරයෙහි අඩුවීමක් නැති නැත මෙතෙක් වෙලා අසිහියෙන් දොඩවමින් සිටි යුගාන් නැවතත් සිහි නැති උනේ ගිවන්ත කාමරයට එන්න ඔන්න මෙන්න....
"ඕයි අරෝශ...තෝ මොකක්ද බල්ලෝ කරේ...යුගාන්...කතා කරපන්...උඹ යුගාන්ට ගැහුවද අහ් කියපන් ඇයි මේ මෙච්චර ලේ...කතා කරපන් අරෝශ කතා කරපන්...මොකක්ද උනේ යුගාන්ට..."
VOUS LISEZ
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Roman d'amourසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...