❤නොපැතූ හැඟුමක්❤
7 කොටස
සයනී තම බෑගය අවුස්සමින් තම සුලු පියා මීට පැය කිහිපයකට පෙර එවූ ජංගම දුරකතනය සොයන්නට වූයේ යුගාන්ගෙන් බැනුම් අසන්නට වේයැයි සිතමිනී...නමුත් අයගේ කළබලය නිසාම බෑගය අවුසමින් සිටින සයනීගේ අත වැදී තම ජංගම දුරකතනය බහා තිබූ ඇසුරුම යුගාන්ගේ මේසය මතට විසිවිය..නමුත් සයනීට නම් එය ඒ හැටි ගානක් වූයේ නැත...ඇය තම බෑගයෙන් ජංගම දුරකතනය ගෙන යුගාන්ගේ මේසයට විසිවූ ඇසුරුම නැවත බෑගයට දමා ගන්නට සැරසී යුගාන්ගේ මේසය දිහාවට නෙත් යොමු කළේය.....
"සර්.....සොරි.....මගේ අතින් වැරදිලා ඕක විසි උනේ....කෝ දෙන්න සර්......"
තම මේසය මතට විසිවූ ඇසුරුම අතට ගෙන එය දෙස හොඳින් බලමින් සිටින යුගාන් අමතා සයනී කීවේ සිහින් හඬිනි....නමුත් මේ මොහොතේ යුගාන් නම් ඒ ඇසුරුම නිසැකයෙන්ම යතුරුපැදිකරුවන් දෙදෙනා ලබා දුන් ඇසුරුමම බව තහවුරු කරගෙන අවසන්ය ..
"එහෙනම් තමුසේට අර මැරයෝ දෙන්නා ගෙනත් දුන්නේ මේක නේ....මං හිතුවා හරී......ඒත් උන් දෙන්නා ඇයි තමුසේට මේක ගෙනත් දුන්නේ...ඔහොම ඉන්නවා....මේ යුගාන් ගේ ඇස් කන් පේනකන් ඇහෙනකන් එක එකාට රඟන්න මං ඉඩ දෙන්නේ නෑ...කව්ද උඹව මෙතනට එව්වේ ,ඒ ඇයි කියලා මං ඉක්මණට හොයාගන්නම්.....ම්ම්ම්ම්....උඹේ වෙලාවට තමයි මගේ අයියා මෙතන ඉන්නේ නැතුව මං මෙතන ඉන්නේ....බලමු කොච්චර කල් මේවා හංගන්නද කියලා....ම්ම්ම්ම්ම්ම්......"
යුගාන් අසුරනය දෙස බලාම තම සිතින් මුමුණන්නට වුණී...
"සර් ....."
අසුරනය දෙසම බලා හිඳිමින් අසුරනය වෙත රවමින් සිටින යුගාන් දෙස බලා සයනී කීවේ බිඳුණු හඬිනි....එවිටයි යුගාන් නැවතත් පියවී සිහියට ආවේ ......
"අහ් මිස් සයනී..අලුතින්ද මොබයිල් එක ගත්තේ.....ඒත් මං බැලුවා සයනීගේ මොබයිල් නම්බර් එකක්වත් ඇයි නැත්තේ කියලා පර්සනල් ෆයිල් එකේ ......ඇයි සයනී ෆෝන් එකක් ගත්තේ මේ කම්පැනි එකේ වර්ක් කරන හැමෝටම මොබයිල් එකක් දෙනවා. ....ඉතින් සැලරි එකක්වත් ගන් නැතිව ඇයි මෙහෙම වියදම් කලේ...සීයත් ලෙඩින් කිව්වා නේද....ම්ම්ම්ම්.."
YOU ARE READING
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...