පනස් අට

335 37 0
                                    


අවසානයට පෙර කොටසට

ශාලුක නිවසේ පිරිස අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ මෙතෙක් කල් සිදූවූ සිදුවීම් එකිනෙක ගලපමිනි..

"කොහොමත් ඊයේ මං උසාවි යනකොටත් දැනන් හිටියා නිහාල්ට අවුරුදු දහයකට වඩා ඇතුලේ ඉන්න වෙයි කියලා...හැබැයි නඩුකාරතුමා තීන්දුව දෙනකොට බලන්න එපැයි නිහාල්ගේ මූණ...ශෙහාන් පුතා දිහා බලන් හිටියේ නිකන් ඒ වෙලේ පුතාට මොකක් හරි කරන්න පුලුවන් නම් කරන ගානට...හහ්..හිතන් ඉන්න ඇති මගේ කොල්ලාට කරපු දේ ආය කරන්න...දේපල ත්ණ්හාවෙන් පිච්චෙන මිනිස්සු..."

සයනිගේ මුත්තනුවන් පැවසූවේ පෙරදා තිබූ නිහාල්ගේ අවසාන නඩුවාරය මතක් කරමින්..එහිදි මරණයට තැත් කිරීම, පුද්ගලයෙක් පැහැරගෙන ගොස් වඳ දීම ,අනවසරයෙන් ගිනි අවියක් ළඟ තබා ගැනීම ආදී හේතු ගණනාවකට වරදකරු කරමින් බරපතල වැඩ සහිත වසර විස්සක් හිර දඬුවමක් හිමි වූයේ නිහාල්ගේ ජීවිතයේ අවසානභාගය වැලිකඩ බන්ධනාගරයටම සින්න කරමින්.....

මේ අතර සයුරි සමඟ දෑස් වලින් කතා කරමින් සිටි ශෙහාන්ට නම් මුත්තනුවන් කීවේ කුමක්ද යන්නවත් ඇහුණෙ නැත...ඔහු සයුරි හමු වූ දා පටන්ම ඈ මත්තේම සිටියේ වශියකට හසුවූවෙක් මෙනි...

"ඒ මේ අංජු අයියේ...බලනවාකෝ අපේ ශෙහාන් අයියාමද මේ කියලා..කොල්ලා ආදරයෙන් අන්ධ වෙලා බීරී වෙලා ඉන්නේ....නැද්ද බං..!

ගිවන්ත කිවේ ශෙහාන්ගේ පිටට තට්ටුවක් දමමිනි....

"ඒක තමයි ගිවා..වෙඩින් එකක කතාවක් කරන්න සෙට් උන් නෑ හුඟ කාලෙකින්...ශාලුක අංකල්...දැන් ඉතින් අපේ සේහාන් බ්‍රෝගේ කලවයසත් හරි එකේ මොකද කියන්නේ මේ ඩබල හැමදාම මෙහෙම තියලා හරි යන් නෑනේ..පව් අපේ කොල්ලා. පොඩ්ඩක් සලකාබලනවකෝ අංකලයෝ..."

සනුජ් කීවේ සෙස්සන් සියල්ලම හඬනගා සිනහවෙන විටයි...

"ඒක තමයි සනුජ් මාත් මේ බැලුවේ...මොකද මේ ජෝඩුව කියන්නේ අහ්..."

ශෙහානුත් සයුරිත් ලැජ්ජාවෙන් රතු වී සිටියා විනා වචනෙකදු කතා කලේ නම් නැත...අවසානයේ නයෝමිගෙත් ශාලුකගේත් අවසාන තීරණය වූයේ එළඹෙන මාසයේදී ශෙහාන්ගෙත් සයුරිගෙත් විවාහා මංගල්‍ය තම හෝටල් පරිශ්‍රයේම සිදු කිරීමටයි..........

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ