තිස් අට කොටස

234 32 0
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗38 කොටස

ජිනෙ..මේ උඹට කියපු වැඩේ කරපන්...ඕක අකැමැති උනොත් දන්නව මං කොහොමද ඒක කරගන්නේ කියලා..ඕකට අරගත්තට පස්සේ අන්න අර නාකියගේ කෙල්ලට ගන්නත් ඕන ඉක්මන් කරපන්..."

"අහ් බොස් මෙන්න රින්ග්ස් යනවා..කතා කරන්න..."

"හෙලෝ මිස්ටර් අනුර...මගේ කටහඬ අදුනගන්න පුලුවන්ද..ම්ම්ම්ම්ම්ම්...."

අනුර සුභසිංහ  යුගාන්ගේ කම්පැනි එකේ කලමණාකරුවෙක්..නිහාල් ඔහු සමඟ මිතුරුකමක් ගොඩ නගාගතත්තේ ශාලුකගේ අනතුරසිදුවෙන්න කලින් ඒ ඔහුගෙන් ශාලුක ගැන තොරතුරු ලබාගන්න..අනතුරින් පස්සේ ඔහු සමඟ ලොකු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ නිහාල්ට නමුත් දැන් නිහාල් ඔහුව සම්බන්ද කරගන්නේ හොඳකට නම් නොවේ...

"අහ් නිහාල් අපිව මතක් වෙනව නේද...ඇයි දන් නෑ ඔබ තුමාට හදිසියේම අපිව මතක් උනේ..මේ පාර කාටද ටිපර් එකක් හරස් කරන්න හිතන් ඉන්නේ"

අනුර නිහාල්ගේ කල්කිරියාව හොඳින් දන්න්වා වුවත් ඔහු හා එකඟ වන්නේ කාරණා දෙකකටයි..ඒ නිහාල් විසින්ම ඔහුට පෙන්වා ඇති අනාගතය නිසයි...හුදෙක්ම අනුර නම් ලාභ අරමුණු අපේක්ශාවෙන් පමණයි නිහාල්ට සහය වන්නේ...

"හහ්හ්...අනුර උඹ හිතුවද මං හැමෝටම ටිපර් හරස් කරනවා කියලා ම්ම්ම්ම්...නෑ මේ පාර ටිපර් එකකට වඩා ආතල්...මොකෝ කියන්නේ මේ පාර නම් අනුරට ගතමන්ට් එකට අමතරව මං ඔය කම්පැනියට පය තිබ්බට පස්සේ අනුරට ලොකු පෝස්ට් එකකුත් දෙනවා..මොකො කියන්නේ අනුර..."

"හරි ඉතින් නිහාල් ඔය ටිකම එදත් කිව්වා නේ ඒත් ඉතින් නිහාල්ට අඩු ගානේ කම්පැනියට එන්න තියා හෝටලේ ඩිරෙක්ටර් බෝඩ් එකටවත් එන්න පුලුවන් උනාද...හහ්...කමක්නෑ දැන් ඉතින් නිහාල් ගත්ත එකේ ඕක කියලා දාන්නකො..හැබැයි මේ පාර නම් මට ගිය පාරට වඩා සලකන්න වෙයි...."

"මේ නිහාල්ගේ වචන දෙකක් නෑ කියලා අනුර දන්නවානේ..කාලයට ඉඩ දීලා බලන් ඉඳලා තමයි අපි වැඩ පටන් ගත්තේ...හහ්...මෙන්න මේකයි වෙන්න ඕන...අනුර දන්නවානේ අර අනුරගේ අලුත් බොස් යුගාන් ලගට ආපු කෙල්ල...අන්න ඒ කෙල්ලව බ්ලැක්මේක් කරන්න තියේන්නේ..ඕක තමයි කෙටියෙන්ම කියනවා නම්..."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Where stories live. Discover now