"හහ්හ.....බලහන් දැන් තමයි මගේ පොයින්ට් එකට යන්නේ...ම්ම්ම්ම්....අර බෙහෙත් එක දීපන් සයනිට...ඒ වගේම තව සතියක් ඇතුලත උන් දෙන්නව මං මොන දේ කරලා හරි බන්දනවා..ඔව්...ඒකට මං ගාව නියම ප්ලෑනක් තියනවා...හ්හහ්හ්හ්....බලන් හිටපන්.....""අනුර අර බෙහෙත් එක....ඒක කෙල්ලට දෙන එක හොඳයිද ,නැත්නම් මංම ඕක දෙන්නද ලොක්කට..මොනවා උනත් කෙල්ල එච්චර දෙයක් කරන එකක් නෑනේද..."
"හ්ම් නෑ කෙල්ල කරන් නෑ..මං ගාව ඊට වඩා ලස්සන ප්ලෑන් එකක් තියනවා අනුර...කොහොමත් කෙල්ලයි ශෙහානුයි දැන් සෙට් එකේ අපිට වෙන්න ඕන එක දෙයයි.ඒ ශෙහාන් සයනිව අද හෙටම මැරි කරන තැනට වැඩ කරන එක...ශාලුකයයි ඌගේ ගෑනියි සම්ප්‍රදායික මිනිස්සු...කොල්ලෝ දෙන්නා කෙල්ලෙක්ව අනාථ කරා කිව්වාම අනිවාර්‍යෙන්ම ඕක බන්ඳලා දෙනවා ශෙහාන්ට...තව දවස් තුනක් ඉවසපන්...මං ගාණට වැඩේ දෙන්නම්...ම්ම්ම්ම්ම්ම්...."
"හ්ම් හරි නිහාල්...ඒක නෙමේ උඹ අර දවසක් මට කිව්වා නේ අර තව කෙල්ලෙක්ව හොයනවා කියලා..ඒ කෙල්ලව හම්බුණාද නිහාල්..."
"නෑ..මේ නාකිය මුකුත් කියන් නෑ..ඒකිත් ඇත්තේ ශාලුක ගාව..ශාලුකයා තමා කෙල්ලව තියන් ඇත්තේ..."
"අපිට බැරිද නිහාල් කෙල්ලගේ මාර්ගෙන් ඕක හොයාගන්න.."
"බෑ අනුර.සයනි දන් නෑ කෙල්ල ගැන..සුරේශුයි ශාලුකයි අවුරුදු ගාණක් ඉස්සරහට බලලා තමයි ඕකිව හංඟන්න ඇත්තේ...හැබැයි මං දන්න විදියට කෙල්ල දැන් ලංකාවට එන්න ඕන මොකද සුරේශ් දේපල වල අයිතිය කෙල්ලට පැවරෙන විදියට හදලා තියෙන්නේ අවුරුදු විසි හතරෙන් පස්සේ...ම්ම්ම්ම්.....කෙල්ල මේවා බාරගන්න ලංකාවට එන්නම වෙනවා...මං ඒකත් හොයාගන්නම් මට හොරෙන් ලංකාවට එන්න බෑ සයුරිට...බලමු මොකද වෙන්නේ කියලා...හ්ම්ම්..."
😭😭😭😭😭😭😭😭😭😭
රාත්‍රිය පුරාම මතින් මත් වී සිටි යුගාන් ට අවදි වන විට තම වමතින් ඇති වූයේ සියුම් වේදනාවකි ..ඉතා අලංකාර රටාවක් ඔහුගේ වමතත් වම් උරත් වටා ඉතා ලස්සනට ඇඳී ඇත...
"හ්ම්....සයනි...තමුසේට පුලුවන් නම් මගෙන් අයින් වෙලා මගේ අයියා ගාවට යන්න...මටත් පුලුවන් තමුසේ එපා කියපු දේවල්ම කරන්න..."
VOCÊ ESTÁ LENDO
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...