අටවන ගිනියම

627 188 54
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

අටවන ගිනියම

" රිදෙනවද ? "

" ටිකක් ! "

" සොරි පොත්ගුල්ලියේ "

" ඒහ්.. මොකෝ මේ... "

" මං නිසානෙ.. "

" අයියෝ.. එහෙම නෑ මෝඩයො..

ඒක වෙන්න තිබුණ දෙයක් ! "

" උඹ නම් මහ පුදුම කෙල්ලෙක් සරූ.. "

මින්හ්‍යුක් මූණත් අඳුරු කරගෙන ඩිස්පෙන්සරියෙ කෙළවරක තිබූ ප්ලාස්ටික් අසුනක හිඳ ගත්තෙ සරන්ග් වේදනාව නොපෙන්වා සිනහ වෙද්දි.

" බයවෙන්න දෙයක් නෑ..

ඇතුළෙන් කැඩිලා.. බිඳිලා..

මුකුත්ම වෙලා නෑ..

දවස් දෙකක් විතර අඩිය තියන්නෙ නැතිව හිටියම හරියයි..

පුලුවන් නම් ඇඳේම ඉන්න බලන්න..

බෙහෙත් ටික හරියට බොන්න !

පොඩ්ඩක් තැල්ම වගේ තියෙනවා..

ඔය බාම් එක ගාලා..

පහළ ඉඳලා උඩට හෙමිහිට අතුල්ලන්න..

ගෙදර දර ලිපක් තියෙනවද ? "

" තියෙනවා ! "

" එහෙනම්..

රස්නෙ පිටින්ම පිරිසිදු රෙදි කෑල්ලකට අළු ටිකක් අරගෙන..

පොට්ටනියක් වගේ බඳින්න..

ඊටපස්සෙ තවන්න !

හෙමිහිට.. "

සරන්ග් ' හා ' කියන්නට හිස සලා නූවිගෙ අතකට බරවුණේ විලුඹ දෙසින් ආ වේදනාව වෙලාවකට සුළුපටු නොවන නිසාවෙනි.

" බෙහෙත් ටික කවුන්ටර් එකෙන් ගන්න ! "

" හොඳයි ඩොක්ටර්..

එන්න..

හිමින් අඩිය තියන්න.. "

නූවි සරන්හ්ගෙ බර තමාගේ ශරීරය මතට වැඩි ප්‍රමාණයක් පටවා ගනිමින් ඇයව වත්තම් කරගෙන පිටතට පැමිණෙද්දි මින්හ්‍යුක් දිව ආවෙ සේහුන් ද ඒ පසුපසින් පැමිණෙද්දිය. ජන්ග්මි ගුරුතුමිය විත් ඇයව අනෙක් පසෙන් අල්වාගද්දි ජිමින් ඇය දෙස බලා දුරකතනයේ මුහුණ අලවා ගත්තේය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now