දහසයවන ගිනියම

499 172 34
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

දහසයවන ගිනියම

සිගරැට් දුර්ගන්ධයෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ගිය කාමරය තුළම වකුටු වී මත්පැන් වීදුරුවක් තොල ගාමින් සිටි ජිමින් නොනවත්වාම පිට වෙන කැස්සකින් හෙම්බත් වී සිටියේ ය. දෙදිනක් පුරාවටම ඔහුගේ මනසේ රැව් පිළි රැව් දුන්නේ කුකා නොහොත් ජන්කුක් ඔවුන්ගෙන් සමුගත් කාරණාවය. හිස් වීදුරු බෝතලය පොළොවේ ගසා දමමින් වෙරිමතින්ම තවත් සිගරැට්ටුවක් දල්වා ගෙන දුම් ගුලි පා කර හැර හැඳ සිටි තෙත තුවාය පිටින්ම යහන මතට වැටුණේ ය.

" කු..කි..යා..

.ගෙ..කා.. "

ඒ ගාම්භීර හඬ බිඳී ගොසිණි. එසේ නම් තමන්ගෙම කෙනෙකු නැති වූ පසු වේදනාව දැන් ඔහුට ඉතාමත් හොඳින් වැටහෙනවා ඇත් ද ? නැත. තවමත් ඔහු සියල්ලක්ම වටහාගෙන නොමැත. තණ්හාව ආශාව රාගය පොදි බැඳගත් මනසකින් ලෝකය දෙස බලා හිඳින්නේය. ඔහුට මුදල් තණ්හාවක් නොමැත. නමුදු අහිංසක ජීවිත බිල්ලට ගෙන එයින් තෘප්තිමත් වීමම ඒකායන පරමාර්ථය වීම අතිශ්‍ය භයානක ඛේදවාචකයක් වී ඇත.

නිහඬ නිසල පරිසරය පුරාවටම ඔහුගේ අසංවර සුසුම් අවිනීත හැඟුම් ගලා ගෙන යන්නට වූයේ සීමා මායිම් රහිතවය. තවමත් පලිගැනීම , කෙලෙසීම , රෞද්‍රතාවය හැරුණු කොට යන්‍තමින් හෝ මෘදු භාවයක් ඒ හදවත තුළ නැත්තේය. සැබැවින්ම ඔහු ඉතාමත් දුෂ්ට , කෲර මිනිසෙකි. මිනිසෙකි යන නාමය ද ඔහුට නොගැළපෙන්නේය. පියවි සිහියෙන් බොහෝ දුරක සක්මන් කරමින් සිටි ජිමින් එකවරම තිගැස්සී ගියේ ජංගම දුරකතනය නාද වූ හඬටය.

" හෙ..ලෝ..ව්.. "

" ජි..මා.. !! "

" ටේ...

මො..කක්ද අවුල ? "

" මැඩම්ව අල්ලගෙන..

එතන හිටපු කෙල්ලො බාගෙට බාගයක් දහ අටට අඩු උන්නෙ බන්..

උන්ව පරිවාසෙ දාලා..

උන් සේරම වමාරලා..

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now