ගිනියම් හදවත් ❤️🔥
පහලොස්වන ගිනියම
" මින්හ්‍යුක් කොල්ලෝ "
" මොකද වදේ "
" අනේ නූ බලන්නකො මේ හිපාටුවා..
අපිට සද්දෙ දානවා.. "
" හා.. හා..
මගෙ නංගිට සද්දෙ දාලා එහෙම අහුවෙන්නෑ හරී..
දෙන්නෙ උඩින් යන්න..
නේද මැණික.. "
" ඒකනෙ.. "
" උඹලා දෙන්නා නම් ගිය ආත්මේ කටු කම්බි රෝල් දෙකක්ද කොහෙද..
ඇයි යකෝ කා එක්ක හරි පැටලෙන්නමයි බලන්නෙ.. "
" අනේ මේ ගස් නරියො..
දෙනවා හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න හරිද.. "
" අන්න හරි නූ..
ඔය කෙහෙල් පණුවව ඇටි කුකුළෙකුට දෙන්න ඕනි.. "
" මුං නම් අම්මපා යාළුවො නෙවෙයි..
ඊට වඩා හොඳයි අර මීරේ.. "
සෙහුන් පවසද්දි තිදෙනාම මහ හඬින් සිනහසුණේ ඔච්චමට මෙනි. මින්හ්‍යුක් විත් සරන්ග්නුත් නූවිත් අසළ හිඳ ගනිද්දි නූවි එතැනින් නැඟිට ආවේ සේහුන්වත් ඇදගෙනමය.
" ඒයි..
ඔයාලා කොහෙද යන්නෙ ? "
" මේ බූතයාට මීරේ ගැන මෙව්වා එකක් හිතිලලු..
ඒකට පොඩි සප් එකක් දෙන්න යනවා.. "
" හෑහ්හ් "
නූවි ළය සිර කරගෙන එතැනින් නැඟිට ආවේ නිදහසේම ඔවුන් දෙදෙනාට කතා බස් කිරීමට අවස්ථාව සලසා දීමටය. ඇය මින්හ්යුක්ට ප්‍රේම කළ ද මින්හ්යුක්ගේ හදවත නැවතී ඇත්තේ සරන්ග් අසළ ය.
ලබා ගන්නට නොහැකි වූ තැන බලා හිඳීමත් ප්‍රේමයකි. ඉඳින් නූවි තම හැඟුමන් සිර කර දමා මින්හ්යුක්ගේ සන්තුෂ්ටිය වෙනුවෙන්ම කටයුතු කරන්නේ හදවතින්මය.

YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanficරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31