පසුවදන

839 165 185
                                    

පසුවදන ☘️

කොහෙන් කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ.. තවමත් පපුව ගැහෙනවා.. මීට කලින් කතාවල මන් කට්ටියව මරලා තියේ.පොඩි දුකක් දැනුනත් ඒක මග ඇරිලා ගියා. හැබැයි අද 💔💔 සම්පූර්ණයෙන්ම මාව ගොළුවෙලා.. ජිමින් කියන චරිතය මගේ මනසෙ හොල්මන් කරනවා වගේ දැනෙනවා.. මේ අවසානයට මමම කැමති නෑ.. හැබැයි විය යුතුව තිබුණෙ ඒ දේ..

ජිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්.. පුංචි කාලෙ ඉඳලම මහ හුඟාක් වේදනා විඳපු චරිතයක්.. සැනසීම කියන දේ පේන මානයකවත් නොතිබුණු කෙනෙක්... මව්පියන්ගෙ මරණය ඇස් දෙකට දැකලා වියරු වුණ අහිංසකයෙක්.. ජීවිත කාලෙ පුරාවටම විඳෙව්ව අහිංසකයව , ගිනියමින් දැවුණු රාක්ෂයාව ධර්මයට යොමු කරන්න මට සරූව මවන්න වුණා.. ජිමින්ගෙ සුහාන්ව.. මං ඔයාලව හුගාක් අඬවන්න ඇති.. ඒ වගේම ඊයෙ රෑ එළි වෙනකල්ම මමත් ඉකිගගහ ඇඬුවා.. දරාගන්න හරිම අමාරුයි.. ජිමින් වෙනුවෙන් මේ හදවත හරිම බරයි..

වේදනාව සීමාවෙන් පිට නොයන තාක් එය කලාවකී..
අසීමිත වේදනාව උමතුවකින් අහවර වෙනු ඇත
නිසි කලටකලට නිමවීමක් නොලැබුනු තැන..
ඇවිලෙන ගින්නෙන් හදවක් ගිනිබත් වනු ඇත..
හදවත් ගිනියම් කරමින්...

-ආයෝ- ( මේ කමෙන්ට් එකට දහස්වාරයක් ස්තූතී ආයෝ)

මම ජිමින්ව අතහැරියා නම් සමාවක් දුන්නා නම් එයා නිසා ආත්මයම විනාශ වුණු අයට දෙන සාදාරණය මොකක්ද ? ඒ අයට ජිමින්ගෙ අතීතයෙන්වත් ජීවිත කතාවෙන්වත් වැඩක් නෑ.. එයාලටත් වුණේ අසාදාරනය.. රීචල් කියන්නෙ ඔයාගෙම කෙනෙක් වුණා නම් ? කවදාවත් ජිමින්ට සමාව දෙන්න කියනවද ? ජිමින්ගෙ ජීවිතේ මොන තරම් විඳෙව්වත් ඒ ආත්මයට සැනසීමක් දෙන්න මට ඕනි වුණා.. එයා ගැන ඇත්ත නොකිව්වෙ ඒ ඒකපාර්ශ්වික ආදරේට වටිනාකමක් දෙන්න ඕනි නිසා.. එයාගෙ කැපකිරීම නිරපරාදේ විනාශ වෙලා යනවා සරූ හැමදේම දැනගත්තා නම්... එයා ජීවිත කාලෙම විඳවයි.. කෙනෙක් ආදරයක් පරිත්‍යාග කරන්නෙ අනෙක් කෙනාගෙ සතුට වෙනුවෙන් ❤️❤️

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now