ගිනියම් හදවත් ❤️🔥
විසිවන ගිනියම
දෙදිනක් පුරාවටම සරන්ග් දැඩි සත්කාර ඒකකයේ වේදනා විඳි නමුත් සුවයක් නොවිණි. තුන් වරුවක්ම ජිමින් විසින්ම ඇයව බැලීමට ඔහුගේ වාහනයේ ගමන් කළේ ය. සෙනසුරාදා දිනයක උදෑසන කිරි තේ කෝප්පයද අතින් රැගෙන ඇවිත් රූපවාහිනිය ක්‍රියාත්මක කළ ජිමින් දුරකතනය සෙවූයේ ඔහුගේ ගෝලයෙකු වූ ශේන්ට ඇමතුමක් ගැනීමටය. අළුතින් පත් වූ නිළධාරියා පිළිබඳ විස්තර සොයා බලමින් ඔහුට තොරතුරු සපයන්නේ ශේන් ය. ' කිම් නම්ජුන්' යන නාමය පමණක් දැනගැනීමට හැකි වූයේ ඔහු මුහුණ නොපෙන්වමින් අපරාධකරුවන් දඩයම් කරන නිසාවෙනි.
" මෙන්න දැන් ලැබුණ පුවතක් !
සම්බාහන මධ්‍යස්තානයක් ලෙසින් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලීමට පසුගිය දා අප විශේෂ පොලිස් බලකායේ භටයින් සමත් විණි. ඉන් බොහෝමයක් වයස අවුරුදු දහ අටට අඩු කුඩා දැරියන් බවයි වාර්තා වූයේ.
එහි අයිතිකාරිය ලෙස කටයුතු කළ යේරී නැමති පනස් දෙහැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගැනීමට පොලිසීයට හැකියාව ලැබී තිබුණි. නමුත් පොලිස් අත් අඩංගුවේදී පැන යාමට තැත් කිරීම හේතුවෙන් එහි දී සිදුවූ වෙඩි තැබීමකින් ඇය මිය ගිය බව ද අපට වාර්තා වුණි.
ඔවුන්ට සහය පළ කර ප්‍රභූවරුන් කිහිප දෙනෙකුද හිමි නමක්ද සැකපිට අත් අඩංගුවට ගත් අතර එහි අයිතිකාරිය සමඟ ඍජුවම සම්බන්ධකම් පැවත්වූ තරුණයින් කිහිප දෙනෙකු ද පොලිස් භාරයට ගැනීමට හැකිවිණි.සාහසික ලෙසින් ස්ත්‍රී දූෂණය කිරීමට පෙළඹුණු කිහිප දෙනෙකු පොලිස් අත් අඩංගුවේදි මිය ගිය අතර ඉතිරි කිහිප දෙනා අද පෙරවරුවේ සෝල් නගර මධ්‍යයේ දී මහජනයාට පෙණෙන පරිදි එල්ලා තබන ලදී.
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanficරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31