විසිදෙවන ගිනියම

500 166 26
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

ව්සිදෙවන ගිනියම

" මාව ආයෙත් තනි කරලා දාලා..
උඹලා ඔහොම යන්නෙපා..
මට ජීවිතයක් දුන්නෙ උඹලා..
මාව විනාශ කරලා..
මගෙ ජීවිතේම අපායක් කරලා දාලා..
උන් මාව සෙල්ලමකට ගත්තෙ..
මගේ ආත්මයම කිළිටි කරලා දාලා..
මට ඉන්නෙ උඹලා විතරයි..
මාව තේරුම්ගත්තෙ උඹලා විතරයි..
මේ විදිහට මාව තනිකරලා..
උඹලා හතර දෙනා විතරක්..
ඔහොම ගියාම හරිද ? "

ඔහුගෙ අඳෝනාව පාළු නිවෙස පුරා දෝංකාර දුන්නේ තනියට කිසිවෙකුත් ඉතිරි නොකරමිනි. දින ගණනක්  පුරාවටම කුසට අහරක් නොමැතිව පිපාසයට වතුර උගුරක් හෝ නොබී මෙලෙසින් වේදනා විඳිනුයේ චිත්ත පීඩාවන් උපරිම වී තිබියදීය. මත් පැන් , මත් ද්‍රව්‍ය වල පිහිටෙන් පියවි ලෝකයෙන් ඔබ්බට සැරිසරා වැටුණු තැනෙක නිදාගනිමින් සරණාගතයෙකු විලසින් ජිමින් මේ දින කිහිපය ගත කළේ ය. සරන්ග් පිළිබඳව හෝ ඔහුට මතකයක් නොවිණි. මේ මොහොතේ ඔහුට දරා ගැනීමට නොහැකි වේදනාවන්ගෙන් ඈත් වීම පමණක්ම මනසෙහි රැව් පිළි රැව් දුන්නේය.









         _______________________________________










" කොහොමද ඊයෙ රෑ..
ෆන් එකක් ගත්තද ? "

තවමත් ඇඟ පත රිදුම් දෙද්දි විඩාබර දෙනෙත් එහෙ මෙහෙ යවමින් ජිමින් නෙත් විවර කළේ තරමක අපහසුවෙනි. ගත තලා දැමූ හැඟීමක් දැනෙද්දි ඔහු දැණුන අමුත්තත් සමඟ දෑස් යොමු කළේ ඔහුගේ ශරීරය දෙසටය. තවමත් නිරුවතින්ම යහන මත වැටී සිටින බව දැකීමෙන් ඔහු කලබලයෙන්ම පොරවනය ඇද කය වැසෙන ලෙස දමාගත්තේය. එතැන සිටගෙන සිටි පුද්ගලයා ඔලොක්කුවට මෙන් සිනහසෙද්දි ඔහු පොරවනය දෙස නෙත් යොමු කළේ දෑස් කඳුලින් බර කරගෙනය.

" හා හා !
තමුසෙ නිකන් බොරුවට දැන් වහගන්න ඕනි නෑ..
ඊයෙ රෑ අපි සේරම ඕක දැක්කා..
පොඩි ෆන් එකකුත් ගත්තා..
පට්ට ..
පොඩි කාලෙ මෙහෙම නම්.. "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now