ගිනියම් හදවත් ❤️🔥
දහාටවන ගිනියම
" වනචර බ%$..
ගුරුවරයෙක් කියලා ගරු කලාම..
අහිංසක කෙල්ලොන්ව ගෙනල්ලා මේ විදිහට තියාගෙන ඉන්නෙ..
නපුංසක #%& @$#@.. "
සේහුන් යහන මත වැතිර සිටි ජිමින්ට පහර පිට පහර එල්ල කළේ නිදිබර දෑස් එහෙ මෙහෙ යවමින් ඔහු සේහුන්ගෙ පහරෙන් වැළැකීමට තැත් කරද්දිය. වචනයක් හෝ පැවසීමට ඉඩ නොතියාම සේහුන් ඔහුට පහර දුන්නේ නූවිත් මින්හ්යුක්ත් සරන්ග්ව වැළැඳගෙන හඬද්දිය. එකවරම සිදු වූයේ කුමක් දැයි සිතාගත නොහැකිව සරන්ග් සිව් දෙනගෙම මුහුණු දෙස වරින් වර බැලුවේ කුහුලිනි.
"සේහුන් !
සර්ව අතාරින්න..
දෙයියනේ මොකක්ද ඔයා මේ කරන්නෙ ? "
" සරූ..
උඹ මගේ ඉවසීම මනින්න හදන්නෙපා..
මින්හ්‍යුක් මේකිව එක්කගෙන පලයං..
තොට වෙනමම කතා කරන්නම්.. "
" දෙයියනේ ඔය මනුස්සයා මැරෙයි සේහුන්..
ඔයාට පිස්සුද ? "
ජිමින් යහනේ වැතිර සිටි නිසාවෙන් ඔහුට නැඟිට ගැනීමට නොහැකි තරමට සේහුන් පහර පිට පහර එල්ල කළේ සරන්ග් කෑ මොර දෙද්දිය.මින්හ්‍යුක් ජිමින්ගෙ කොලරයෙන් අල්වාගත්තේ පහර වැදී නිල් පැහැ ගැන්වුණු වත දෙස කේන්තියෙන් බලමිනි. මේ මොහොතේ අනවශ්‍ය ලෙස කලබල වීම නුවණට හුරු නැති නිසාම ජිමින් ඉවසා සිටියේ හදවතේ වියරු ගිනි දැල් ඇවිලෙද්දිය.
" නවත්තනවා ඕක..
සර් අසනීප වෙලා හිටියෙ..
ජන්ග්මි මිස් එක්ක කතා කරලා පීටි රූම් එක ලෑස්ති කළේ..
පිස්සුද ඇත්තටම ඔයාලට ?
හොයන්නෙ බලන්නෙ නැතිවම මේ විදිහට ගහන්නෙ..
![](https://img.wattpad.com/cover/293155210-288-k323539.jpg)
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanficරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31