විසිනව වන ගිනියම

448 164 62
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිනව වන ගිනියම

" බුදු බව අත්වේවා මහත්තයෝ ! "

" නිදුක් නීරෝගීව ජීවත්වෙන්න ලැබේවා ! "

" මහ හුඟාක් පිං සර් ! "

" සර් වගේ රත්තරං මනුස්සයෙක් ලෝකෙට දායාද කරපු..
නෝනටයි මහත්තයාටයි අමා මහ නිවන් සුව ලැබේවා ! "

" සසර ගමන කෙටි වේවා ! "

පොසොන් පොහොය දින ගමේ විසූ දුප්පත්කමේ අඩියටම හින්දුණු පවුල් පනහක් තෝරා ගනිමින් ඔවුන්ට අංගසම්පූර්ණ ආහාර පාන මල්ලක් සපයා දීමට කටයුතු කිරීමෙන් ගම් වැසියෝ ජිමින්ට සෙත් පැතුවේ එලෙසිනි. අධමයෙකු සේ ප්‍රතිරූපය මවාගෙන සිටි ඔහු අද ශ්‍රේෂ්‍ට උත්තමයෙකි. ගෞරවනීය මිනිසෙකි. ඔහුගේ ආත්මයම සැනසීම උරා ගනිමින් වේදනාව පසෙකලා ඇති අයුරු අපූරුය.












______________________________________













" අනේ අම්මෝ !
පුදුම රසයි අම්ම..
මට අම්මව ගෙදර ගෙනියන්න හිතෙනවා.. "

" සර් හදන්නෙ ඔය අපේ බඩට තට්ටු කරන්න "

" ආන්නේකයි !
ඔය හදලා දෙන රුලං කෑල්ලක් ආස්මියක් කාලා ඉන්න සර්..
හෙසෝන් නැන්දා ඇවිස්සුනාම දන්නෑ හැටි.. "

" සර් ගම එපා කියලා දුවයි.. "

" මොකද ? "

මින්හ්‍යුකුත් සේහුනුත් තලු මරමින් පවසද්දි ජිමින් විමසුවේ සිනහවෙමිනි. නූවීත් සරග්නුත් නාගෙන එකම රෙද්දෙන් එකම හැඩයට මසා නිම කළ චීත්ත මල් ගවුම් දෙක ගතලාගෙන පැමිණියේ ද ඒ අතරෙ ය. දිගු කේෂ කල්‍යාණිය කඩා දමමින් තුවායෙන් තෙත මුහුළ පිසලමින් පැමිණෙන සරන්ග්ව දුටු විට හදවත ඇතුළාන්තයෙන්ම දැනෙණුයේ හිරියකි. මල් පෙත්තක් වැනි සුසිනිදු මුව කමල අතැඟිලි වලින් ස්පර්ෂ කිරීමට හෝ බියක් ජිමින්ගෙ සිත තුළ හටගත්තේ රාග ගින්න සදහටම නිවා දමමිනි. මින්හ්‍යුක් හා සේහුන් සේ ඇයව බැල්මකින් හෝ කිළිටි නොකිරීමට ඔහුට අවැසිය. ඒ දැනෙණ හැඟීමට අරුතක් ඔහුට වැටහුණේ නැති නමුදු ඇය ගැන සිහිවන නිමේශයටත් ඔහු බොහෝ සේ ඇළුම් කළේය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now