ගිනියම් හදවත් ❤️🔥
දහහත්වන ගිනියම
" මොනවද තමුසෙලා දෙන්නා මේ තිත්තක් ගැන කියවන්නෙ ? "
" ඔයාටත් ගෑණු ළමයින්ගෙ දේවල් වලට හොට දාන්නෙ නැතිව ඉන්නම බෑ නේද ? "
" ගුල්ලි..
තමුසෙ දැන් ගානට වැඩියි ඈ.. "
" ඇයි අඩු කරන්නද.. "
" ඕන් ඕන් පටන්ගත්තා..
ගෑණියි මිනිහයි වගේ කෙහෙවලු පටලගන්න.. "
" ඉතින් මේ මකබාවනේ.. "
සරන්ග් රවාගෙනම එතැනින් ගොස් සේහුන් සිටි ස්තානයේ නතර වූයේ නූවී දෙස බලා ' ඔය වැඩේ කරන්න එපා ' කියා ආයාචනා කරන මෙනි. සේහුන් ඇගේ දෙවුර මතින් සුරත යවා ' ඇයි ' කියා ඇසුවේ හඬන්නට බැරි ලෙසින් ඇය කොහෙදෝ බලා සිටින නිසාවෙනි. ' මොකුත් නෑ ' කියන්නට මෙන් හිස සලා ඇය සේහුන් සාදමින් සිටි වෙසක් කූඩුව සම්පූර්ණ කරන්නට ගත්තේ නූවී දෑස් වලට ඉනූ කඳුලු පාලනය කර ගැනීමට නොහැකිව පංතියෙන් එලියට දුවද්දිය.
_______________________________________
" සර් ක්‍රිස්තියානිද ? "
" හ්ම්ම් "
" එහෙනම් සිල් ගන්න ඕනි නෑ සර්..
මට හිතුණා කිසිම දෙයක් තේරුම්ගන්න බැරිව වටපිට බලද්දි..
සර්ට මේ වත් පිළිවෙත් ගැන දැනුමක් නෑ කියලා.. "
" සුහාන්ට පුලුවන්ද මට කියලා දෙන්න ? "
" ඒත් සර් ක්‍රිස්තියානිනෙ.. "
" ඉතින්..
තව ආගමක් ඇදහුවට මොනා වෙනවද ! "
" සර්ට ප්‍රශ්නයක් නැත්තම්..
මං කියලා දෙන්නම්.. "
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanficරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31