ගිනියම් හදවත් ❤️🔥
විසිපස්වන ගිනියම
" ගුඩ් මෝනිං සර් ! "
" ආ.. ගුඩ් මෝනිං..
දැක්කෙ නෑ මං ළඟට එනකල්ම.. "" සර් ලොකු කල්පනාවකනෙ හිටියෙ ඉතින් ! "
" මොකද උදේම ඔෆිස් එක පැත්තෙ ? "
" සර් රස්සාවෙන් අස් වෙලා යනවා කියලා ආරංචි වුණා..
ඒකයි මේ දුවගෙන ආවෙ.. "" මට දැන් යන්න කාලෙ හරි දරුවො "
" එහෙම කරන්න එපා සර්..
ප්ලීස් සර් !
සරූ වුණත් දුක් වෙයි සර් මෙහෙම අපිව දාලා ගිය එකට..
එයාගෙ දක්ෂතාවයට තැනක් හම්බුණේ ගොඩ කාලෙකින් සර්..
අපිට සර්ව ඕනි.. "" නූවි ඒත් මම... "
" මුකුත් කියන්න එපා..
ඔය බෑග් එක ගන්න සේහුන්..
සර් කොහෙවත්ම යන්නෙ නෑ.. "සේහුන් ඔහු අත රැඳි බෑගය උදුරාගෙන දුවද්දි කිසිවෙකුත් නොදන්නා ඔහුගේ ජීවිත අන්දරය මනසට නැගී හදවත රිදුම් දුන්නේ මනස නැවතත් හදා ගැනීමට නොහැකි වේ යැයි බියෙනි. ජීවිතය අරුම පුදුම නැවතුම්පොළකි. විටෙක මිනිසුන් නිර සතුන් බවටත් නිර සතුන් මිනිසුන් බවත් පරිවර්තනය කරති. සමාජයේ විසකුරුභාවය අප විසින් තේරුම්ගත යුතුය. රකුසෙකුගේ ගොදුරක් වීමට පෙර ඊට එරෙහිව පුරුෂ පාර්ශ්වය පමණක් නොව ස්ත්‍රී පාර්ශ්වයද සටන් වැදිය යුතුය. ඒ සඳහා දෙවරක් නොසිතිය යුතුය.
" යමු සර්.. එන්න ! "
" අ.. ම්ම්.. "
" සර් මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ ? "
" න්..නෑ දරුවො.. "
" අපිට සරූට තරම් නම් තව කෙනෙක් තේරුම්ගන්න බෑ..
ඒත් එහෙම දැණුනා..
මේ දවස් ටිකේම ඉස්කෝලෙ ආවෙ නෑනෙ..
ලොකු සර්ගෙ කෝල්ස් වලට උත්තර දුන්නෙත් නෑලු..
ඒකයි ඇහුවෙ.. "
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanfictionරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31