ගිනියම් හදවත් ❤️🔥
පස්වන ගිනියම
" ආ.. ජන්ග්මි මිස් ! "
" මොකුත් ප්‍රශ්නයක්ද සර් ? "
" නෑ මිස්..
නිස්කාරණේ ඇවිදිනවා..
ඒකයි මං මේ ළමයට කතා කළේ..
ඒ මදිවට..
බලන්නකො මිස්..
මේ ළමයින්ගෙ අත් වල නියපොතු !
ඒ ලෙවල් සෙක්ෂන් එකේ ළමයි..
බාල පරම්පරාවට කොයිතරම් නම් ආදර්ශවත් විදිහට ඉන්න ඕනිද ! "
හදවතේ තිගැස්ම පිටතට නොපෙන්වාම සිනහවකින් වත සරසාගෙන කොරියන් සාහිත්‍ය ගුරුතුමිය සමඟ කතා බස් කළේ රීචල් ද දෑස් විසල් කරගෙන බලාගෙන ඉද්දිය. ඇයට සිතා ගැනීමට නොහැකි වූයේ ජිමින් සත්‍යයක් පැවසුවේද ! මුසාවක් පැවසුවේද යන්නය. මංද ඇගේ අතැඟිලි වල නිය වැවී තිබුණේ ඒවායින් සූරා දමා ප්‍රාණ ගාතයක් සිදු කිරීමට හැකි අයුරිනි.
" හැබෑවටම !
කෝ පෙන්නන්න බලන්න රීචල් අත.. "
රීචල් නිය වැවුණු අතැඟිලි ජන්ග්මි ගුරුතුමිය දෙසට දිගු කළේ ජිමින් දෙසම බලාගෙන වුවත් ඔහුගේ එක් බැල්මක් හෝ ඇය දෙසට පා නොවීම පිළිබඳ ඇයට දැණුනේ මහා වික්ෂිප්ත භාවයකි. මෙතරම් වේලාවක් නිය ගැන කතාවක් හෝ නොකර දැන් මෙලෙස පවසද්දි රීචල්ට සිතුණේ ඔහු රහස් පරීක්ෂකයෙකු විලසින් ළමුන්ගේ හොර වැඩ විපරම් කිරීමට පැමිණියාදෝ කියාය.
" හැබෑ නේන්නම් !
හෙට මං විශේෂයෙන්ම බලනවා තමුන්ගෙ නියපොතු ටික..
කපාගෙන ආවෙ නැත්තම් රූලෙන් ගහන්නෙ..
අත මිට මෙලවලා..
දැන් යනවා පංතියට..
නිස්කාරණේ ඉස්කෝලෙ වටේ ඇවින්නෙ නැතිව.. "
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
أدب الهواةරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31