දෙවන ගිනියම

1K 264 200
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

දෙවන ගිනියම

" සුදු මැණිකේ !

වැස්සෙ තෙමිලා ලෙඩ වෙයංකො..

මං උඹට කියලා තියෙනවා.. "

" සොබා දහම විඳින්න ඕනි අම්මා.. "

" උඹට කියන කට හොඳයි ගලක අතුල්ලගන්නවා... "

සරන්ග් පුංචි එකියක සේ ගෙමිදුලේ හෑරුණු කුඩා මඩ වලට පනිමින් නැවත ගොඩ එමින් නැවතත් පනිමින් දෑත් දෙපසට විහිලුවාගෙන අහස් දියෙහි තෙමෙන්නේ හේසොන් දෙස බලා දිවත් දික් කරමිනි. අඩ හෝරාවක් පමණ ගත වූ තැන දම් පැහැති ලොකු මල් වැටුණු පරණ වූ චීත්ත ගවුම් කැබැල්ල ඇඟ දවටා ගනිමින් ඇය පහළ වූ දොළ පාර අසලට දිව ගියා ය.

වත්ත පහළින් තිබුණද ඔවුන් වතුරට බසිනා තැනින් නෑමට කිසිවෙකු නොසිටියේ ඒ පේන මානෙක තවත් ගෙයක් නොතිබුණු නිසාවෙනි. ඊට එපිට ඝන රූස්ස කැළෑවකි. නා පිරිසිදු වී ඇය ගෙතුළට පැමිණියේ කිවිසුමකටත් ආවාඩා ගෙනමය.

" ආ.. මං කිව්වා උඹට..

ඉඳා.. මේ කොත්තමල්ලි උගුර බීලා ඉඳහන්.. "

බෙලෙක් කෝප්පයත් හකුරු කැබැල්ලකුත් ඇය අත තැබූ හේසොන් හැඳ සිටි චීත්ත රෙද්දෙන් දෑත් පිසලාගෙන දොරකඩෙන් එපිට බැලුවේ කඩා හැලුණු මෝරසූරන වැස්ස කෙමෙන් කෙමෙන් චිරි චිරි ගාමින් වැටෙන පොද වැස්සක් වී ඇති අපූරුවය.

" ඔය කොහෙද යන්නෙ.. පිණි බානවා..

කිව්වට අහන්නෑනෙ..

හිතුවක්කාරකම..

උඹත් ඉතින් තාත්තගෙම දුවනෙ..

කිව්වම නාහන ගුරු ඉහළ ගියත් එකයි.. පහළ ගියත් එකයි.. "

හේසෝන් නෝක්කාඩුවෙන්ම තම දෑතට කොස්ස මැදි කර ගත්තේ සරන්ග්ගෙ දෙතොලග මන්දස්මිතයක් ඇඳෙද්දිය. ඇය තම නිරුවත් දෙපා තෙතබරිත වැලි පොළොවේ ඝට්ටනය කරමින් ඇවිද ආවේ ඇගේ දෑත් වල ගුණයෙන්ම වැඩුණු රෝස පාත්තිය දෙසටය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now