හතරවන ගිනියම

748 225 57
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

හතරවන ගිනියම

" සිංග් කරන්න බැරි අය එන්න ඇත්තෙ ආස නිසානෙ..

මට ප්‍රින්සිපල් සර් කිව්වා අවුරුදු ගාණකින් මියුසික් රූම් එක ඇරලා නෑ කියලා..

ඉතින්..

අපි සිංග් කරන්න ආස අයටත් චාන්ස් එකක් දෙමු..

කොහොමත් මම කැමතියි වගේ දේවල් වලට.. "

රකුසෙක් ලෙසින් ගිල දමන්නට සැරසුණු ගොදුරක් හදිසියේම අතහැර දැමුවහොත් ! මරණ බියෙන් තැති ගත් ජීවියෙක් මාරයා පරදමින් දිවි රැක ගතහොත් ! ජිමින්ගෙ වදන් දෙසවන් වැකුණු ළමුන්ටත් දැණුනෙ එවැනිම හැඟීමකි. ඒ වචන කිහිපය නිසාදෝ සරන්ග්ට ඔහු පිළිබඳ පැහැදීමක් දැණෙන්නට විණි.

" ඔයාද ලෙවල් ක්ලාස් එකෙන් සිංග් කරන්න පුලුවන් එකම ගර්ල් ? "

ඔහු ඇසුවේ තියුණු දෑස් සරන්ග් දෙසටම දල්වාගෙනය. ඇය ' ඔව් ' කියන්නට මෙන් හිස සලා නැවතත් දෑස් පොළොවේ අලවාගත්තෙ ඔහු ගැන තිබූ බිය සේ ම අපහැදීමද කෙමෙන් කෙමෙන් දුරස් වන බවක් දැනෙද්දිය.

" හරි.. එහෙනම් සිංග් කරමු බලන්න.. "

ඇය මදහසක් දෙතොලග රඳවාගෙන නූවී දෙස වරක් බලා දිගු හුස්මක් ගෙන පපුවම පුරවගත්තාය. අවුරුදු ගණනාවක්ම ගායනා නොකළ නිසාවෙන් චකිතය ඕනෑවටත් වඩා වැඩියෙන් දැණිනි. එකවරම ගීතයක් සිහියට නැගෙන්නේ ද නැතිය. සංසුන් වෙන්නට උත්සුක වුවද මනස බොහෝ සෙයින් කැළැඹීමට ලක් වීය.

තවත් වරක් දෑස් පියාගෙනම දිගු හුස්මක් ගෙන ළය ඇතුළාන්තයේ අතුරු සිදුරු වැසී යන ලෙසින් පුරාවාගෙන දෑස් විවර කළාය. ජිමින්ගෙ තියුණු දෑස් ඒ වත මතම ඇලී තිබූයෙන් ඇයට යම් තරමක අපහසුවක් ද දැනෙන්නට විණි. කුරුලු හඬින් මන්මත් වී ගිය පාසල් භූමිය පුරාවටම වෙනත් ශබ්දයක් නෑසුණ තරම් ය. සරන්ග් දෑස් පියාගෙනම ගායනා කිරීම ඇරඹුවේ භාවනාවක් විලස සියල්ලෝම එය අසා සිටිද්දිය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now