ගිනියම් හදවත් ❤️🔥
හත්වන ගිනියම
" රීචල් ! "
" මාත් එන්නම් යන්න "
" ඔයාට ප්‍රශ්නයක් නැද්ද ? "
" නෑ සරන්ග්...
එවෙලෙ මම ටිකක් බයවුණා..
ඇත්තම කිව්වොත් ටිකක් නෙවෙයි..
හුඟක්.. "
" එවෙලෙ ඔයා ඉන්න තැන කවුරු හිටියත් එහෙම බයවෙනවා තමයි..
ඒක මනුශ්‍ය ස්වාභාවය..
අනිත් අය හිනාවුණා කියලා ඔයා අප්සෙට් ගන්න එපා ! "
රීචල් නිශ්ශබ්දතාවය රැක ගනිමින් දිගු සුසුමක් පිට කළේ සරන්ග් මදහසක් සමඟම එලෙස පවසද්දිය.
" ඔයාට කාව වුණත් හරි ඉක්මනට තේරුම්ගන්න පුලුවන් නේද ?
ඇත්තටම මම ඔයා ගැන හිතුව විදිහ හුඟාක් වැරදියි සරන්ග්..
මට සමාවෙන්න !
මං දැන් ආවෙත්.. ඔයාට ස්තූති කරන්නම ඕනි නිසා.. "
" මගෙ හිතේ ඔයා ගැන තරහක් නෑ..
මොන ස්තූතියක්ද !
ඔයා වැරදි තේරුම්ගත්ත එකම ලොකු දෙයක්.. "
" මීරේ පවා පැත්තකට වෙලා හිනාවෙද්දි..
ඔයා විතරයි මගේ ළඟින් හිටියෙ.. "
" අපි කෙනෙකුගෙ හයියට ඉන්න ඕනි එයාගෙ සැපේදි නෙවෙයි රීචල්..
දුකේදි.. "
" නූවී නම් මට පොඩ්ඩක්වත් කැමති නෑ..
මින්හ්‍යුක් වුණත් එහෙමයි.. "
" කාලෙත් එක්ක හැමදේම විසඳෙයි.. "
සරන්ග් අව්‍යාජ සිනහවක් රීචල් දෙසට පා කරද්දි රීචල් මුවඟට සිනහවක් නගා ගත්තෙ බොහෝ අපහසුවෙනි.
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanfictionරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31