ගිනියම් හදවත් ❤️🔥
එකොලොස්වන ගිනියම
( සංවේදී අය කියවන්න එපා )
" පිස්සෙක් වගේ කෑ නොගහා මොකක්ද වුණේ කියපන් මිනිහෝ.. "
" කුඹුක් ගහේ මිනියක්.. මිනියක් එල්ලලා.. "
" මි.නි.ය..ක්... "
" ඇඟේ එක නූල් පොටක්වත් නැතිලු..
කෙල්ලෙක්ලු..කව්ද කියලා හොයාගන්න බෑලු..
මුළු මූණම සූරලා දාලාලු... "
" අ..අනේ.. දෙ..යි..ය..නේ !! "
සරන්ග් වම් අත්ල මුවේ රඳවා ගනිමින් ආශ්වාස ප්රාශ්වාස වන වේගවත් සුසුම් රොද පවනට මුදා හැරියේ නොදැනුවත්වම කඩා හැලෙන කඳුලු කැට කොපුල් ඉරාගෙන මෙන් වැටෙද්දිය. ප්රාණයක් නොමැතිව වැටෙන්නට මෙන් ගිය ඇයව මින්හ්යුක් වත්තම් කරගත්තෙ ඇය බෙහෙවින්ම සංවේදි චරිතයක් බව හොඳින්ම දන්න නිසාවෙනි.
සරන්ග් අහේතුකවම මින්හ්යුක්ගෙ ළය මත වැටී ඉකි ගසමින් හඬද්දි ඔහු ඇයව සැනසීමට මෙන් ඒ කෙහෙරැලි අතරින් දෑඟිලි යැවූයේ නූවි දෙසම බලාගෙනය. නූවී කිසිවක් සිතා ගැනීමට හෝ නොහැකි අයුරින් මින්හ්යුක් දෙසම බලා හිඳ සරන්ග්ගෙ බාහුවක් මතින් හිස තබාගත්තෙ සේහුන් විත් නූවිගෙ පිට මත තැබූ සියුම් ස්පර්ෂයකින් හදවත ශක්තිමත් කරමිනි.
" මින්හ්යුක්.. මා..ව.. එක්කගෙ..න... යන්න..කෝ... "
" ඔයාට ඒක බලාගෙන ඉන්න බැරිවෙයි මැනික "
" අනේ ! ප්ලීස්..
ඒ රීචු වෙන්නෙපා..හ්...
දෙවියනේ !
රීචුව ආරක්ෂා කරලා දෙන්නහ්... "
මින්හ්යුක්ගෙ පපුව හෑරිගෙන යන තරම් වේදනාවක් දැනෙද්දි ඔහු නූවි දෙසත් සේහුන් දෙසත් බැලුවෙ ' මොකද කරන්නෙ ' කියලා අසන්නට මෙනි. නූවි සේහුන් දෙස වරක් බලා ' එක්කගෙන යමු ' යැයි පවසන්නට මෙන් දෑස් සෙලවූයේ සරන්ග්ගෙ උරහිසක් අල්වාගෙනය. නුවිත් සේහුනුත් පසෙකට වූ විට මින්හ්යුක් සරන්ග්ගේ දෙවුරෙන් අල්වාගත්තෙ දැනටමත් රත් පැහැ ගැන්වුනු ඒ අහිංසක දෑස් දෙසම බලාගෙන ය.
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Fanficරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31