තිස්වන ගිනියම 01

519 162 20
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

තිස්වන ගිනියම

අවසානය 01

[ කරුණාකරලා අවධානයෙන් කියවන්න ]

" මගෙ පුතේ !
අම්මා ළඟට එන්න සුදු පුතේ.. "

" ..ම්...මා ! "

" මේ බලන්නකෝ..
තාත්තත් බලාගෙන ඉන්නෙ ඔයා එනකල්..
අපිට හුඟාක් පාළුයි පුතේ.. "

ධවල පැහැ සාරියකින් සැරසී ජිමින් දෙසට දෑත් දිගු කරන ඒ අපහැදිලි ඡායාව කවුරුන්දැයි හඳුනා ගැනීමට ඔහුට අපහසු නොවිණි. සියල්ල පරයා නැගෙන දාරක ප්‍රේමයේ නාමයෙන් වැගිරුණු කඳුලු පොකුරු බර ගණනක් පොළොව මත විසිරී ගියේ ඇස පිය වී අඩ හෝරාවක් ගත වෙන නිමේශයේ දුටු සිහිනයෙන් හදවත බොහෝ සෙයින් පීඩිත වූ නිසාවෙනි. ඇය දෙසට දෑත් දිගු කළ ද ඒ අත්ලක් හෝ අල්වා ගැනීමට නොහැකිව වේදනා දෙන ළය තෙරපවාගනිමින් අඩ නින්දේම ජිමින් සීතල ටයිල් පොළොවේ එහෙ මෙහෙ පෙරළෙමින් දහදියෙන් පෙඟුණු වත සෙලවූවේ ය.

" අල්ලගන්න සුදු පුතේ ! "

"..ම්..මා..
..න්..නෙ..පා..
අම්මා...හ්... "

ඇගේ අතැඟිල්ලක් හෝ අල්වා ගැනීමට නොහැකිව ජිමින්ව වේගයෙන් පසුපසට තල්ලු වීගෙනම එද්දි ගිලිහී ගිය ඡායාවේ උණුසුම සොයා ඔහු මුළු විසිත්ත කාමරයම දෙදරා යන ලෙසින් කෑ මොර දීගෙන අවදි වූයේ ටයිල් පොළොව මත හිඳගනිමිනි.

" අ...ම්...මා !
දෙ.යි..නේ..
ඔයා ආයෙත් ඇවිත්..
මං නරක වැඩ කරපු නිසාද පහුගිය කාළෙම ආවෙ නැත්තෙ..
..අනේ..
ආයෙත් කවදාවත් මං නරක ළමයෙක් වෙන්නෙ නෑ..
හැමදාමත් එන්නකො අම්මා !
මාත් එක්කම ඉන්නකෝ.. "

ඉකියෙන් ඇරඹි වේදනාත්මක කඳුලු කැට අනෝරා වැසි වස්සද්දි ඔහු හිස මත දෑත් තබාගත්තෙ දෙපා නවමින් නිකට දණහිස් මතින් තබාගෙනය. උදෑසන වන තුරුම මවගේත් පියාගෙත් ඡායාරූපයක් තුරුළු කරගනිමින් හඬා වැටුණු ඔහුගෙ දෑස් නිදිබර ගතියෙන් වෙලෙද්දිම දෑස් එදිරියේ මැවුණු රිය අනතුරකින් තිගැස්සී ගියේ හදවත වේගයෙන්ම ගැහෙද්දිය. දෑත් පපුවේ වෙළා ගනිමින් ටයිල් පොළොවෙම හිඳගෙන පසුපසට ගියේ සැටියේ කොන්ද හේත්තු වන ලෙසටය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now