තිස්වන ගිනියම 02

1K 195 126
                                    


ගිනියම් හදවත් ❤️‍🔥

තිස්වන ගිනියම

අවසානය 02

" සුහාන් ඔයා !! "

උදෑසනම දොරට තට්ටු කරන ශබ්දයක් ඇසීම නිසාවෙන් ජිමින් දොරඟුළු විවර කළ පසු ඔහු එදිරියේ නිරුපද්‍රිතව සිටින රුව දැකීමෙන් විශ්මයට පත් වුණු ජිමින් උළුවස්සට හේත්තු වෙන ගමන් පැවසුවේ මිදුල දෙස ද නෙත් යොමන ගමන් ය. උඩුකය නග්න සිරුරෙන් සිටින බව ද ඔහුට අමතක වී ගියේ මුළු රැයක් පුරාවටම ඇය ගැනම වෙහෙසුණු හදවත සනහාලීමට මෙන් ඇය මෙලෙස පැමිණ සිටි නිසාවෙනි. එහෙත් ඇගේ ස්වාභාවය වෙනස් වී තිබිණි. වත ඉදිමී දෑස් රත් පැහැ ගැන්වී තිබිණි.

" කවුරුත් ආවෙ නෑ සර්..
මං තනියම ආවෙ.. "

" ....මට හිතාගන්න බෑ ! "

" මට ඇතුළට එන්න කියන්නෙ නැද්ද සර් ? "

" ..එන්න.. ..න්න..
වාඩිවෙන්නකො..
..මං දන්නෑනෙ සොරි..
ඉන්නකො ශර්ට් එකක් දාගෙන එන්නම් ! "

" හ්ම්ම් "

සරන්ග් විසිත්ත කාමරයේ වූ දැල් පුටුවකින් වාඩිවූයේ සිතිවිල්ලේමය. දෑස් ඔබ මොබ යවමින් පපු කුහරය මතින් නැඟෙන වේදනාවෙන් මනස තෙරපවාගත් ඈ දැරිය නොහැකි පීඩාවෙන් ඔද්දල්ව නැඟී සිටියේ දෑස් පියා ගනිමිනි.

" සුහා ..
මොනවහරි බීලා ඉමුද දරුවො ? "

" එපා ! "

" කෝපි එකක් හදන්නම් මං..
ඔයා වාඩිවෙලා ඉන්නකො දරුවො..
එහෙදි මට කන්න බොන්න හදලා දීලා..
මෙහෙම ආවම හිස් අතින් යවන්න පුලුවන්ද ? "

" හිස් අතින් !
මං ආවෙ මොකටද කියලා ඇහුවෙ නෑනෙ ඔයා.. "

වෙනදට වැඩියෙන් ඇගේ හඬ ප්‍රබල බවක් දැනෙද්දි ජිමින් කිසිවක් සිතා ගැනීමට නොහැකි මනසින් දෙබැම හකුළුවා බලාගෙන සිටියේ ය. ඔහුට පිටුපා සිටි ඇය පියවර කිහිපයක් තැබුවේ ජිමින් බිරාන්ත වී ව්‍යාකූල මනසින් දෑස් හැර සිටිද්දිය. ඝනකම් සුසුමක් පිට කළ සරන්ග් වැටෙන වේගවත් හුස්ම පොද අතරින් ගලා ගිය කඳුලු අහුරක් දෑඟිල්ලක පටලවා ගනිමින් දෑස් විවර කළා ය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now