තුන්වන ගිනියම

810 245 84
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

තුන්වන ගිනියම

" උඹට ප්‍රශ්නයක් නෑ නේද කෙල්ල ? "

" ම්.. න්..නෑහ්.. "

" අනේ මංදා බන්.. නිතරම උඹට ඔහොම බඩේ කැක්කුමක් එන්නෙ ඇයි දන්නෑ.. "

" හංදියෙ ඩිස්පෙන්සරියෙන්වත් බෙහෙත් ටිකක් ගත්තා නම්... "

" හංදියෙ..

හංදියෙ නෙවෙයි මහ ඉස්පිරිතාලෙට යමු..

ඕක මොකක්ද කියලා බලාගන්න එපැයි..

හේසෝන් නැන්දට බෑ නම් මං එන්නම් උඹ එක්ක.. "

" නූ..

අනේ කලබල නොවී ඉන්නකො..

දැන් අඩුයිනි ඉතිං.. "

නූවී කේන්තියෙන්ම ඉවත බලාගත්තේ ඇය කියන දෙයක් නාහන මුරණ්ඩුකමේ සංකේතය වූ නිසාවෙනි.

" අපි යමු ! දැන් මට අඩුයිනෙ.. "

නූවී සිටිනුයේ ඇගේ හිතුවක්කාරකම් හමුවේ කේන්තියෙන් වුවද ඇය වෙනුවෙන් පණ වුණත් දීමට දෙවරක් නොසිතන්නීය. මීසු ඔවුන් හා එකතු වූයේ උසස් පෙළ පංතියේදී ය. නූවී ඇයව තම ගතට වත්තම් කරගෙන අතින් අල්වාගෙනම නුග ගහ යටට පැමිණියේ සිතිවිල්ලේමය.

" උඹ පුටුවෙන් වාඩිවෙයන් සුදා ! "

" නෑ.. එපා නූ.. "

" අන්න.. අන්න.. සර් එනවා.. "

වෙනතක් බලා සිටි සරන්ග් මීසූ අත දිගු කළ දිශාවට නෙත් යොමු කළේ කුස මත තබා ගෙන සිටි සුරතද පසෙකට ගනිමිනි. කඩවසම් බව ඕනෑවටත් වඩා වෑහෙන දේහදාරියා දෙස ඇය බලා සිටියේ මහත් වුවමනාවෙනි. දම් පැහැති අත් දිග ෂර්ටයකට කළු පැහැති කලිසමක් හැඳ  එක්තරා අන්දමකට කපා තිබූ කොණ්ඩය අමුතුම පන්නයකට සකසා තිබූ ඔහුගෙන් දිස් වූයේ සැබැවින්ම නළුවෙකුගේ ඡායාවකි.

බටර් පැහැති සම රත් පැහැ තොල් පෙති දික් වූ නාසය දිගැටි දෑස් තියුණු බැල්ම ඔහුටම ආවේණික අලංකාරත්වයක් එක් කොට තිබිණි. එකින් එක සරන්ග්ගෙ දෑසට හසුවෙද්දි ඇය කේෂාන්තයේ සිට පාදාන්තයටත් , පාදාන්තයේ සිට කේෂාන්තයටත් නැවත නැවතත් ඔහුව නිරීක්ෂණය කළාය.

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now