දහහතරවන ගිනියම

548 177 71
                                    

ගිනියම් හදවත් ❤🔥

දහහතරවන ගිනියම

" සර් සිංදුවක් කියන්නකො..

අපි කවදාවත් සර්ගෙ සිංදුවක් අහලා නෑනෙ.. "

" මං ? "

" ඔව් !

මීට කලින් හිටපු හැම මිස් කෙනෙක්ම වගේ සිංදු කිව්වා..

අපිත් මිස්ලා එක්ක සිංදු කිව්වා..

පළවෙනි වතාවට තමා අපි සංගීතය සර් කෙනෙක්ගෙන් ඉගෙනගන්නෙ.. "

ජිමින්ට හීන් දාඩිය දැමුවේ ඇගේ වදන් නිසාවෙනි. මින් පෙර කිසිදු දිනෙක ඔහු සංගීතය විෂයක් ලෙසින් හදාරා හෝ නොතිබිණි. එකම හැකියාව නම් ගායනා කිරීම පමණකි. සරන්ග්ගෙ ඉල්ලීම මත අනෙක් සිසු දරුවන්ද ඔහුට ගායනා කරන ලෙස පැවසුවේ ඔවුන් එදිරියේ සිටගෙන සිටිනුයේ වෘත්තීමය මිනීමරුවෙක් , ස්ත්‍රී දූෂකයෙක් , කාම පිපාසිතයෙක් බව සිහිනයෙන් හෝ නොසිතමිනි. එසේ සිතීමට පවා අපහසුය. මංද ඔහු ඕනෑවටත් වඩා කඩවසම් ය. ඉඳින් දුටුවන් නෙත් ආකර්ෂණය වුව ද සැක පහළ වීම නම් කිසි දා සිදු වන්නේ නැත.

" ඉන්න සර් !

මම සර්ගෙ ගිටාර් එක අරගෙන එන්නම්.. "

සරන්ග් දැන් දැන් නොදැනුවත්වම ඔහුගේ කටයුතු සඳහා බාධාවක් වන්නේ ඔහුගේ සිතේ ඇය පිළිබඳ වෛරය කෝපය ඉව වහා යවමිනි. නමුත් ක්‍රෝධයෙන් ඇයව ළංකර ගැනීමට නොහැකි බව හෙතෙම ඉතාමත් හොඳින් දන්නේය. ඉඳින් ඔහුගේ නින්දිත අරමුණ වෙත පා නැඟීමට නම් ඉවසා දරා සිටිය යුතුමය. ඇය ගිටාරය ගෙනැවිත් ඔහු අත තබද්දි අපහසුවෙන් මුවඟට සිනහවක් නගා ගෙන ඔහු සරන්ග් දෙස බැලුවේ බුර බුරා නැගෙන කෝපය සඟවාගෙනය.

" මට.. මට ඇත්තටම කියන්න සිංදුවක් ඔලුව එන්නෑ ළමයි..

අපි පස්සෙ දවසක සිංග් කරමුද ?

පොඩි හෙඩෙක් එකක් වගෙත් තියෙනවා.. "

" ඇයි සර් ?

එකපාරටම මොකද වුණේ ? "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now