ගිනියම් හදවත් ❤️🔥
විසිඅට වන ගිනියම
" තේ ඩිංගක් බීලා ඉමු..
මේ රුලං තලපත් තියෙනවා ! "සියල්ලෝම කඩි ගුලක සේ යුහුසුළුව වැඩ කරති. ජිමින්ගේගෙ පියා ( බාප්පා ) එවූ ගෝල බාලයන් නිසාවෙන්ම ඉතා ඉක්මනින් ඝාන්ඨාර කුළුණ සාදා නිම කිරීමට හැකිය. ඔහුට පුදුමය. ගමේ කුමක් හෝ පොදු වැඩ කටයුත්තකදී තරාතිරම , ස්ත්‍රී පුරුෂ භාවය , වයස් භේදය නොසලකමින් සියල්ලෝම සහය වෙන්නේ එකමුතුකම සංකේතවත් කරමිනි. තවත් පාර්ශ්වයක් බුදු කුටියේ වැඩ කටයුතු සිදු කරති. බෝ මළුව වටා රන් වැටක් සෑදෙනුයේ ජිමින්ගේ අණ පරිදිය.
" මහත්තයට බුදු බව අත්වෙනවා මේ කරන දේවල් වලට..
අපිට හරියකට පන්සල හදලා දෙන එක හරියට වටිනවා මහත්තයො..
මේ ඝාන්ඨාර කුළුණ නිසා දැන් බයවෙන්න දෙයක් නෑ.. "" ඒ මොකද ? "
" මොකක් හරි කරදරයක් වුණොත් පන්සලේ ඝාන්ඨාරෙ ගහලා..
ගමේ මිනිස්සු සේරෝම දැනුවත් කරන්න පුලුවන් දැන්..
නැත්තම් එකෙක් මැරිලා හත් දොහක් යනකල් සමහර උන් දන්නෑ.. "" ආ.. "
ජිමින්ට මෙවැනි අත්දැකීම් නොමැති නිසාවෙන්දෝ ඔහු මද සිනහවක් පෑවේ ඝාන්ඨාරය නාද කිරීමෙන් ගම්මානයක් දැනුවත් කිරීම ඔහුට අරුම පුදුම කටයුත්තක් වූ බැවිණි. මේ දින කිහිපයට ඔහුට පිං නොදුන් ගම්වැසියෙක් නොමැති තරම් ය. කිසිවෙකුගෙන් වැඳුම් පිදුම් ලැබීමට හෝ නුසුදුසු චරිතයක ලෙස පෙනී සිටි ජිමින් අද වන විට මුළු මහත් ගම්මානයකම ගරු බුහුමන් ලබන මහත්මයෙකු වී ඇත. දෛවය අපව ගෙන අවුත් අතහරින තැන අපූරුය. ඕනෑම අයෙකුට ජීවිතේ වැරදීමට හැකියාවක් ඇත. නමුත් දෛවය විසින් අවස්තාවක් අප කාටත් දෙනු ඇත. එය හඳුනා ගැනීම හෝ නොගැනීමෙන් ජීවිතය වෙනස් වනු ඇත.
" මිනිස්සු රෑට පන්සලට එන්න බයයි මහත්තයො..
හයෙන් පස්සෙ හුඟ දෙනෙක් ගෙවල් ඇතුළෙම තමා..
කොයිවෙලේ වල් අලි කඩාගෙන පනීද දන්නෑනෙ..
මේක නම් මහා ලොකු පිංකමක් ! "
YOU ARE READING
ගිනියම් හදවත් ❤️🔥||PJM| (Completed)
Hayran Kurguරාගයෙන් ඇවිළුණු ඔහුත්... විරාගයෙන් මුසපත් වුණු ඇයත්... ආශාවන් නුරාශාවන් හමුවේ ගෙවන... ඔවුන්ගේ කතාවයි මේ... Start Date:- 2021.11.29 Published Date:- 2021.11.29 Finished Date:- 2021.12.31