විසිහතර වන ගිනියම

469 170 29
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිහතර වන ගිනියම

" න්....නෑ.......හ්.....
..ම්මා....හ්......
මගෙ ඔම්මා.....හ්.....
....ප්පා.........
.....පා...... "

" කොල්ලො !
මූව අල්ලගනින්.. "

" මල්ලි..
හිත හයිය කරගනින් රත්තරන්.. "

" මගෙ ඔම්මා....
ඇයි දෙයියනේ එහෙම...
ඇයි යකෝ එහෙම කරේ...
ඔම්මා කෙනෙක් දිහා එහෙම බලන්නවත් හිතෙනවද යකෝ...
මගෙ අහිංසක ඔම්මා...
ඇයි....
ඇයි යකෝ...... "

ඔහුගේ අහිංසක මවත් පියත් රිය අනතුරකින් මිය ගිය සැටි කූට ලෙස සැලසුම් කළ සාහසික මිනීමැරුමක් බව වැටහෙද්දි මනසට දැනුණ පීඩනය දරා ගැනීමට නොහැකිව වියරුවෙන් මෙන් කෑ ගසා හැඬුවේ අන් තිදෙන එදෙස වේදනාවෙන් බලා හිඳිද්දිය. එවන් දර්ශනයක් කවර පුත්‍රයෙකු හෝ දියණියක කිසිදා නොදැකිය යුතුය. වේදනාව මෙතෙකැයි කියා වචන කළ නොහැකිව ඔහු රාමු කළ පිංතූරය දෙස බලා දණින් වැටී හඬනුයේ උමතුවෙන් මෙනි. කුමන පලියක් හෝ මනුෂ්‍යයෙට මෙලෙසින් ගත හැකිදෝයි ඔහු සිත දස දහස් වාරයක් ලතැවුණි.

එකවරම සිතට පැමිණි ආවේගය දරා ගැනීමට නොහැකිව අසල තිබූ කුඩා යකඩ අසුනක් ඔසවා මින්ජීගෙ නිසල දේහයට පහර පිට පහර එල්ල කළේ කොපුල් තෙමන කඳුලු හෝ නොපිසලමිනි. ටේහ්‍යොන් ජින් යුන්ගී ඔහුව කෙතරම් නැවතීමට උත්සහ ගත්‍තද ඒ සියල්ල ව්‍යවර්ථ වී ගියේ ඔහුගේ කේන්තිය සියල්ලටම වැඩියෙන් බලවත් වූ නිසාවෙනි. ඔහුගේ සිරුරද රුහිරු බිඳු වලින් වෙලාගන්නා තුරු මින්ජිගෙ නිසල දේහයේ දෑඟිලි , හස්තයන් , දෙපා ආදිය වෙන් වී යන තුරුම නොනවත්වාම පහර දුන් ජිමින් නැවත්වීමට නොහැකි බව දන්නා නිසාවෙන් ටේහ්‍යොන් වැළැඳගත්තෙ ඔහුට ද පහරක් දෙකක් වද්දා ගනිමිනි.

" අතෑරපන් කොල්ලෝ..
උඹේ කේන්තිය පාලනය කර ගනින්.. "

" මගේ කේන්තිය..
මගේ කේන්තිය පාලනය වෙන්නෙ මේක කරපු එක එකා ගානෙ අල්ලලා..
උන්ටත් මෙහෙම වද දුන්නොත් විතරයි..
උන්..
මගේ පණ ටිකට අත තිබ්බෙ..
එකෙක්වත් අතාරින්නෑ..
එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෑ..
ගෑණු..
ජරා #$&&@..
මං වෛර කරනවා ඕකුන් සංහතියටම..
#%%&#@...
මට පේන්න බෑ..
මගෙ අහිංසක ඔම්මා..
$#% නිසා කොච්චර වේදනා විඳින්න ඇත්ද දෙයියනේ !
මගෙ අප්පා..
ඇස් දෙකෙන් දකිද්දි කොයිතරම් විඳවන්න ඇත්ද..
පලිගන්නවා !
පලිය මම ගන්නවාමයි.. "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now