විසිහය වන ගිනියම

434 163 24
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිහය වන ගිනියම

කල්පනා සාගරයක නිමග්න වී සිටි ජිමින් තිගැස්සී ගියේ මින්හ්‍යුක්ගේත් නූවීගේත්ගෙත් හඬට ය.

" සර් කලින්ම ඇවිදිල්ලනෙ "

මන්දස්මිතයක් පෑ ජිමින් හිඳ සිටි අසුනෙන් නැඟිට සිටියේ කෝප්පය සේදීමටය. තවකෙකු හා කතා කිරීමට හෝ ඔහුට සිතක් නොතිබිණි.

" දෙන්න මහත්තයො..
මං හෝදන්නම්.. "

" නෑ !
මට පුලුවන් ඔම්මා.. "

" ඕක දෙන්න..
මං හෝදන්නම්..
මහත්තයා වාඩිවෙලා ඉන්න.."

" කන්න සර් !
අපේ ඔම්මා හැදුවෙ.. "

හේසෝන් කෝප්පය ඇගේ අතට ගද්දි නූවී කහ පැහැති පැණිවළලු දැමූ භාජනය ඔහු වෙත දිගු කළේ ජිමින් අසරණ ලෙස බලා හිඳිද්දිය. මේ එකමුතුකම , සෙනෙහස , දයාව ,විශ්වාසය ඔහුගේ සිතට ගෙන ආවේ පර්වතයක් දරා සිටින්නාක් බඳු අපහසු හැඟීමකි.

" අයියෝ කන්න සර් !
වස දාලා නෑ.. මේ.. "

ජිමින් පැණිවළලු බඳුන දෙස බලා සිටින අයුරු දුටු නූවී ඉන් එකක් ගෙන කැබැල්ලක් සපා පෙන්වූයේ ඔහු තිගැස්සී යද්දිය.

" ..අයියෝ..න්..නෑ..
..මං වෙන කල්පනාවක හිටියෙ.. "

ජිමින් පැණිවලල්ලක් අතට ගෙන නැවත ලී බංකුවෙහි අසුන්ගත්තෙ මින්හ්‍යුක් හා නූවී මුහුණට මුහුණ බලා ගනිද්දිය. හේසෝන්ගෙ මුවෙහි පැණිවලල්ලක් රඳවමින් නූවී සරන්ග්ගෙ කාමරය දෙසට යද්දි මින්හ්‍යුක්  ද ඒ පසුපසින් ගමන් කළේ ජිමින් දෙස බලා මද සිනහවක් පාමිනි.

" මහත්තයත් යන්න..
මං උයන්නම්.. "

" නෑ.. එහෙම හරි නෑනෙ..
පොඩි දරුවො එක්ක මං මොනවා කරන්නද ඔම්මා.. "

" මහත්තයට හැටි වයසක් නෑ මයෙ හිතේ..
ඕන්නම් විසි හතරක් වගේ.. "

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now