විසිඑක් වන ගිනියම

498 173 64
                                    

ගිනියම් හදවත් ❤️‍🔥

විසිඑක් වන ගිනියම

-------------------අකුරක් නෑර අවධානයෙන් කියවන්න.. නැත්තම් තේරෙන එකක් නෑ..----------------------

" නැඟිටපන් යකෝ..
තොගෙ අම්මගෙ අප්පගෙ ගුබ්බෑයමක් නෙවෙයි මේක..
සැපට නිදාගෙන ඉන්න.. "

උදෑසනම ගත නැහැ වී ගිය සිසිල් දිය බිඳු පහසින් දෑස් විවර කළ ජිමින් පොරවනය පසෙකට කර යහනේ හිඳගත්තෙ පොළොව දෙසම බලාගෙනය.

" මොනවද $@&# $% තෝ බලාගෙන ඉන්නෙ..
මේ සේරම අස් කරලා දාපන්..
උඹේ සල්ලි..
අපිට ලොකු නෑ හරී.. "

" සේරම ක්ලීන් වෙන්නෝනි..
ආයෙ මොකුත් නෑ කිරි ටොයියා වගේ..
ඇහුණද තොට ? "

" @&%$ @#$&%$@$ කියපු වැඩ ටික සේරම කරපන්..
තෝ වගේ අවජාතකයෙක් මොකට තවත් ජීවත් වෙනවද දන්නෑ.. "

" මූ ඉපදිලා ඉන්නෙම අපේ වැඩ ටික කරලා දෙන්නද කොහෙද !
රෙදි ටික ලොන්ඩ්‍රි බකට් එකේ ඇති..
හෝදලා දාපන්.. "

පස් වසරක් පුරාවටම විඳින දුක් ගැහැට ඉවසීමට නොහැකි තරම් ය. ගැහැණියකට හෝ ඉසිලිය නොහැකි තරමින් විවිධ වද බන්ධනයන්ට යටත් වී ගෙවන මේ කටුක ජීවිතයෙන් නිදහස් වීමට ඔහු කෙතරම් නම් දත කෑවද කිසිදු ඵලක් නොවිණි. පස් වසරක් මුළුල්ලේම උදෑසනම අවදි වීම , ආහාර පිසීම , සුවිශාල තෙමහල් නිවෙස පිරිසිදු කිරීම , වත්ත පිරිසිදු කිරීම , ඇඳුම් සේදීම , පාවහන් පිරිසිදු කිරීම ආදී නොයෙකුත් ක්‍රියාවන් සිදු කළ යුතුය. එක් දිනක් එක් කාර්‍යයක් හෝ එසේ කිරීමට නොහැකි වූයේ නම් එදිනට වන්දිය කස පහර පනහක් ය.

අතීත මතක දෑස් ඉදිරියේ මැවෙද්දි ජිමින් තම මිතුරන්ගෙ වියෝව දරා සිටියේ අපහසුවෙනි. හසුවෙන සියල්ලක් සුනු විසුණු කර දමමින් කුසට අහරක් නොමැතිව ඔහු සිටියේ ඉතාමත් වේදනාවෙනි. මානසිකව මෙන්ම ශාරීරිකව ද බොහෝ සෙයින් විඩාවට පත් වූ ඔහු අනේක වාරයක් ඔහුගේ මරණය ද ආයාචනා කර සිටියේ ය. නිවසෙන් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු නොබැඳ දැනුම් දීමකින් තොරවම පාසල් නොයා ඔහු විඳින්නේ සුළුපටු වේදනාවක් නොවෙයි !

ගිනියම් හදවත් ❤️‍🔥||PJM| (Completed)Where stories live. Discover now